IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවීකරණය කරන්න යයි

(අංජුල මහික වීරරත්න)

දේශගුණික අවබලපෑම් අවම කිරීමේ බහු අදියර ප්‍රවේශය (CResMPA) යටතේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවා නවීකරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ලෝක බැංකුවේ මූල්‍ය අනුග්‍රහය යටතේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශය මඟින් දේශගුණික අව බලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහන් ප්‍රවේශය ක්‍රියාත්මක කරමින් පවතී.

 නිවැරදි පූර්ව අනතුරු ඇඟවීම් හරහා ස්වභාවික විපත් මඟින් විය හැකි හානි අවම කර ගැනීම තුළින් ජාතික සංවර්ධනයට සහාය වීම, දේශගුණය ආශ්‍රිත ආපදා අවදානම් අවම කිරීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණය සහ දේශගුණය ආශ්‍රිත සේවා නවීකරණය කිරීම, එම ව්‍යාපෘතියේ පළමු අදියරෙහි සංරචක 1 යටතේ ප්‍රමුඛ කාර්යයක් ලෙස හඳුනාගනු ලැබ ඇත. 

ඒ අනුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවා නවීකරණ කටයුතු සිදු කිරීම සඳහා උපදේශන ආයතනයක් තෝරා ගැනීම සඳහා ලෝක බැංකු ප්‍රසම්පාදන මාර්ගෝපදේශය අනුගමනය කරමින් අභිලාෂ ප්‍රකාශ කිරීම කැඳවා තිබේ. 

ඒ සඳහා ආයතන 08ක් විසින් අභිලාෂ ප්‍රකාශ කිරීම් ඉදිරිපත් කර ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශන ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මතපදනම්ව, තායිලන්තයේ බැංකොක්හි ආසියානු ආපදා සූදානම සඳහා වූ මධ්‍යස්ථානය (Asian Disaster Preparedness Centre) වෙත අදාළ උපදේශන සේවා කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (3)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවීකරණය කරන්න යයි

Nimal Tuesday, 17 June 2025 09:13 PM

ඔච්ච්ර වියදම් කරන්න එපා. අර “හරිම වෙදර්“ කියලා යූටියුබ් චැනල් එකක් කරන මහත්තයා හොයල, ඕක එයාට භාරදෙන්න. අන්න වැඩ්ඩෝ. කියන අනාවැකි ගොඩක් වෙලාවට බොහෝම දුරට හරි.

:       1       2

Bunny Preena Wednesday, 18 June 2025 08:52 AM

හැම අවුරුද්දෙම නවීකරණය ගැන අසන්න ලැබුනා . නමුත් කිසිම වෙනසක් නෑ. එදා වගේමයි අදත්.

:       1       2

රනේ Wednesday, 18 June 2025 01:18 PM

කෙලින් හිටගෙන සිතියම් මත කාලගුණය විස්තර කරන අළුත් නිලධාරීන් අළුතෙන් ගන්න. පුටුවෙ ඉඳන් වයඹ, උතුරුමැද කිව්වට කාටවත් දැනෙන්නෑ..

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 356 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site