IMG-LOGO

2025 නොවැම්බර් මස 29 වන සෙනසුරාදා


කලාඔයේ සිරවූ බසයේ පිරිස බේරා ගැනීමේ මෙහෙයුම් තවමත්

(ගයාන් සූරිය ආරච්චි)

රාජාංගනය, කලා ඔය ප්‍රදේශයේ බස් රථයෙන් මුදවාගෙන අසල පිහිටි නිවසක වහලය මත රඳවා තැබූ පිරිස බේරා ගැනීම සඳහා නාවික හමුදාව මේ වනවිට විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාණ්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසීය.

එම පිරිස බේරා ගැනීම සඳහා බෝට්ටු මගින් දහවල් කාලයේ සිට බේරා ගැනීම සඳහා මෙහෙයුම් දියත් කළ ද පවතින අයහපත් කාලගුණය හේතුවෙන් බෝට්ටුවලට හානි සිදුවී තිබූ බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

එම ප්‍රදේශයේ අධික ගංවතුර තත්ත්වය සහ අධික වර්ෂාව සහ සුළං හේතුවෙන් නාවික හමුදා නිලධාරීන්ට එම ස්ථානයට ළඟා වීමට අපහසු වී ඇති අතර එම පිරිස සමග තොරතුරු හුවමාරු කර ගැනීමට හැකියාවක් නොමැති බව බුද්ධික සම්පත් මහතා කීය.

කෙසේ වෙතත් ඉතා කඩිනමින් විශේෂ මෙහෙයුමක් දියත් කර එම පිරිස මුදවා ගැනීමට කටයුතු කරන බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

පවතින අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් රාජාංගනය කලා ඔය ප්‍රදේශයේ බස් රථයක මගීන් පිරිසක් සිර වී සිටින බවට ලද තොරතුරු මත ආරක්ෂක අංශ නිලධාරීන් විසින් ඔවුන් පිරිස බස් රථයෙන් මුදවා ඒ ආසන්නයේ පිහිටි නිවසක කොන්ක්‍රීට් වහලය මත ආරක්ෂිතව රඳවා තිබුණි.

 



අදහස් (0)

කලාඔයේ සිරවූ බසයේ පිරිස බේරා ගැනීමේ මෙහෙයුම් තවමත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 188 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 253 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1144 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site