IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


කිරි හරක් ව්‍යාපෘතියේ පාඩුව ලක්ෂ විසි එක්දාහකට වැඩියි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කිරි හරක් ගෙන්වීමේ ව්‍යාපෘතියෙන් වූ පාඩුව රුපියල් ලක්ෂ විසි එක්දාහකට වැඩි බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

"විපක්ෂය කතා කරන්නේ අපිට හරිම ආදරෙයි වගේ.හොරකම් වලට සම්බන්ධ කවුරුත් අනාගතයේදී අත්අඩංගුවට ගන්න පුළුවන් වේවි.ඉරාන ඊශ්‍රායල් යුද්ධය ගැන විපක්ෂ නායකතුමා කතා කළා. පාඩුව ගැන කතා කළා.ඒව කියනවට වඩා තිබෙන විකල්ප කියන එක නේද හොඳ. මේ කතා නිසා මිනිස්සු බිය වෙනවා .

ඊයේ ශෙඩ් වල මිනිස්සු පොර කකා තෙල් ගන්නවා. වගකිව යුතු විපක්ෂයක කාර්යභාරය වෙන්න ඕන අඩුපාඩු පෙන්වන ගමන් විකල්ප ඉදිරිපත් කිරීමයි.

ජනතාව නිකරුණේ බිය ගැන්වීම බරපතල වරදක්. කිරි හරක් ගෙන්වීමේ ව්‍යාපෘතියෙන් වෙච්ච හානිය අද වන විට රුපියල් ලක්ෂ විසි එක්දාහකට වැඩියි.ඒ පාඩුව පියවගන්න විදියක් නෑ.මේක අමු අමුවේ මේ රටේ මහජන මුදල් විනාශ කිරීමක්. 2014සිට 2020 දක්වාම මේ හොරකම සිදුවී තිබෙනවා. රට බංකොලොත් වන්නේ මේ දේවල් නිසා.මේ මහජන මුදල් හොරා කාපු හැම කෙනෙකුටම අප නීතිය ක්‍රියාත්මක කරනවා යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.



අදහස් (5)

කිරි හරක් ව්‍යාපෘතියේ පාඩුව ලක්ෂ විසි එක්දාහකට වැඩියි

රනේ Thursday, 19 June 2025 04:43 PM

මේ මූණු නේද විපක්ෂෙට තියෙන්නේ?

:       3       7

කුකුල් චමින්ද Thursday, 19 June 2025 05:02 PM

ඔය ව්‍යාපෘතිය හරහා තමයි, කිරි හරක් වෙනුවට බත්කන හරක් ගෙන්නුවේ. දැන් ඒ අය වසර 76ක් තිස්සේ රටකාපු තක්කඩි හැතිකරේගේ ඉඳුල් කාලා, උදේ-හවස මෙතැන වැළලෙනවා අම්මා-මෝ නැතිව...

:       3       15

prasanna Thursday, 19 June 2025 06:20 PM

ඔයාලා කෝවිඩි වසංගත සමයේ ආර්ථිකය කඩා වැට්ටුවේ ඔය වගේ භීතිකා මවලා. දැන් ඒවා අමතකද? එදා හැසිරුණේ සත්තු වගේ..

:       13       10

Nishan Friday, 20 June 2025 04:34 AM

ඔය කිරි හරක් ගෙන්නුවේ රාජපක්ෂ පාලන සමයේ බැසිල් රාජපක්ෂ ඇමති වෙලා ඉන්න කාලේ. නමුත් ඒ කාලේ ඔයාලා ඒ ගැන කිසිම විරෝධයක් දැක්වූයේ නෑ විතරක් නෙවෙයි ඒ ආණ්ඩුවේ කොටස්කාරයෝ වෙලත් හිටියා.

:       5       1

Chinthaka Friday, 20 June 2025 06:16 AM

මහජන මුදල් හොරාකෑවට නීතිය ක්‍රියාත්මක කරනවානම් ජනතාවගේ (රජයේ) දේපල විනාශ කිරීම් සදහාත් නීතිය ක්‍රියාත්මක කලයුතුය .මුලින්ම 1971 සිට 2024 දක්වා නොයෙක් ආකාරයට (වර්ජන ඇතුලු ) ජෙප්පො කරපු විනාශකිරීම් ගණන්බලා නීතිය ක්‍රියාත්මක කල යුතුය. ඒ සමග දුන්නු පොරොන්දු වන උගන්ඩාවට ගෙනගියා කියපු සියලුම මුදල් පමණක් නොවෙයි දනෝරිස්ලා කියපු එක් එක් අය විවිධ රටවල තැන්පත්කල මුදල් ගෙන්වීමට අවශ්‍ය පියවරද ගතයුතුය

:       5       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 544 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1692 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site