IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කාර්-යතුරුපැදි ගැටී පැදිකරු කඩේක වහලයකට විසිවෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හොරණ මලගල පාර පාදුක්ක ගුරුගොඩ සමුර්දි බැංකුව අසල දී ඊයේ පස්වරුවේ මෝටර් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන්  යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව හොරණ පොලිසිය කියයි

යතුරු පැදිය සහ මෝටර් රථයේ එකිනෙක ගැටීමත් සමඟම  ගිනි ගැනීමට ලක්ව ඇති අතර හොරණ  නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් මැදිහත්ව ගින්න නිවා දමා ඇත

අනතුරින් යතුරු පැදියේ පසුපස ගමන් ගත් පුද්ගලයා මීටර් පහළොවක් පමණ උඩින් විසිවී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවේ තිබෙන වෙළඳසැලක වහලය මත පතිත වී ඇතැයි පොලිසිය කියයි

පැදිකරු කම්බි වැටක් මතින් විසිවී ගොස් අසල වත්තක ට වැටී ඇතැයි පොලිසිය කියයි

මෝටර් රථයේ මීවනපලාන සිට ගුරුගොඩ  දෙසට පැමිණෙමින් සිටියදී වංගුවක් සහිත ප්‍රදේශයක දී  ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි මෝටර් රථය හා මුහුණට මුහුණ ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි

වහලය මතට පතිත වූ පසු පැදිකරු ප්‍රදේශවාසීන් සහ හොරණ ගිනි නිවීමේ නිලධාරීන් එක්ව  දැඩි ආයාසයක් දරා පහතට ගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත

යතුරු පැදිය පැදවූ පුද්ගලයාගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බව පොලිසිය කියයි.



අදහස් (2)

කාර්-යතුරුපැදි ගැටී පැදිකරු කඩේක වහලයකට විසිවෙයි

Hasitha Friday, 31 March 2023 05:27 AM

මම හිතුවේ මේ බයික් කාරයෝ යන විධියට ,වහලය උඩට ලෑන්ඩ් කරලා කියල . බලනකොට අනතුරක් . බයික් උන්නේහෙලට මේවා උරුමයි

:       1       1

janahitha Friday, 31 March 2023 08:17 AM

උඩින් යනවා කියන්නේ ඕකට තමයි... ඉක්මන් සුවයෙන් පසු මහපොළවේ ගමන් කරන ලෙස ඉල්ලමු.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 446 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site