IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


කේරළ වෙරළ ළඟ අනතුර වූ නැවේ ප්ලාස්ටික් ලංකාවට එයි

(අංජුල මහික වීරරත්න සහ හිරාන් ප්‍රියංකර )

ඉන්දියාවේ කේරළ වෙරළ තීරයට නාවුක සැතපුම් 38ක් ඔබ්බෙන්  මුහුදු ප්‍රදේශයේ දී  ඉකුත් 25 දා අනතුරට පත් ලයිබීරියාවේ ධජය සහිත  (MSC ELSA 3)   බහාලුම් නෞකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මන්නාරම ,කිලිනොච්චි සහ හලාවත වෙරළ තීර වලට සහ ඩෙල්ෆ්ට්, නාගදීප වෙරළට ගොඩ ගසා ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමානාධිකාරී ජගත් ගුණසේකර මහතා සඳහන් කළේය.

ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවද ගුණසේකර මහතා කීය.

පවතින වර්ෂාව සහ මුහුද රළු වීම නිසා එම ප්ලාස්ටික්  අපද්‍රව්‍ය දිවයිනේ වෙනත් වෙරළ කලාප වලට ගොඩගැසීමේ අවදානමක් පවතින බැවින් එවැනි සිදුවීමක් වුවහොත්  ඒ  පිළිබදව 1949 හදිසි මෙහෙයුම් මැදිරියට දැනුම් දෙන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.

අනතුරට පත් නෞකාවේ බහාලුම් 643 තිබී ඇති අතර බහාලුම් 13ක අන්තරායකාරී ද්‍රව්‍ය ඇතුලත් වී තිබෙන බවද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා කීය.

බහාලුම් 12ක කැල්සියම් කාබයිට් අන්තර්ගතව තිබු බවට වාර්තා වී ඇතැයි ද  සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමානාධිකාරී ජගත් ගුණසේකර මහතා සඳහන් කළේය.

මෙම බහාලුම් නෞකා අනතුර හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදු විය හැකි බලපෑම අවම මට්ටමක පවතින බව ද ගුණසේකර මහතා කීය.

මෙම අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඇති බලපෑම පිළිබඳව පැහැදිලි කිරීමට පරිසර අමාත්‍යාංශයේ ඊයේ  (12) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්  ජගත් ගුණසේකර මහතා කීවේ නෞකා අනතුර  හේතුවෙන් මත්ස්‍ය  පරිභෝජනයට හෝ ධීවර කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු තහනමක් පනවා නොමැති අතර එවැනි අවශ්‍යතාවයක්ද මතුව නොමැති බවයි.

එහිදී ජගත් ගුණසේකර මහතා කීවේ ඉන්දියාවෙන් සහ ජාත්‍යන්තර ආයතන වලින් ද නාවික හමුදාවෙන් ද අදාල අනතුර සම්බන්ධයෙන් නිරන්තරයෙන් තොරතුරු ලැබෙන අතර ඒ පිලිබදව අවධානයෙන් පසුවන බවයි.

නෞකා අනතුර හේතුවෙන් පරිසර පද්ධතියට හෝ වෙරළ කලාප වලට බලපෑමක් සිදුව ඇත්දැයි සොයාබැලීම සදහා නාරා ආයතනය, ධීවර දෙපාර්තමේන්තුව සහ සංචාරක අමාත්‍යංශය දැනුවත් කර ඇතැයිද ගුණසේකර මහතා සඳහන් කළේය.

 මුහුදු ඇතුළු පරිසර කළාප වල වෙසෙන ජීවින්ට බලපෑමක් සිදු විය හැකිදැයි  වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධ්‍යනය කරන බවද ඔහු කීය.

( ඡායා හිරාන් ප්‍රියංකර)

 



අදහස් (2)

කේරළ වෙරළ ළඟ අනතුර වූ නැවේ ප්ලාස්ටික් ලංකාවට එයි

රුවන් Friday, 13 June 2025 12:37 PM

ගියපාර වගේ නෙමෙයි මේ පාර ආණ්ඩුවට කොමිස් ගහන්නේ නැතුව රටට ඩොලර් මිලියන ගානක වන්දියක් ගන්න පුළුවන්. ගිය ආණ්ඩුවේ නෑව් දෙකේ වන්දිය කාගේ සාක්කුවට ද ගියේ?

:       0       10

දිමුත් Monday, 16 June 2025 01:51 PM

ඕවා කවදාහරි අපේ ආහාර දාමයට එකතු වෙනවා. අපේ දරුවන්ටයි ඔවුන්ගෙ ඉදිරි පරම්පරාවලටත් බලපානවා. මෙවැනි හානි මුදලින් මනින්න බැහැ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 352 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site