IMG-LOGO

ක්‍රිස්බ්‍රෝ ප්‍රජා අරුණෙන් නැති බැරි සේවකයන්ට නිවාස

ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන තමන්ගේම නිවහනක් නොමැති හෝ මූලික පහසුකම් නොමැති එහෙත් සමාගම වෙනුවෙන් දැඩි කැපවීමකින් සේවය කරන සේවක සේවිකාවන් වෙනුවෙන් ක්‍රිස්බ්‍රෝ සමාගම 2012 දී ක්‍රියාත්මක කළ ප්‍රජා අරුණ වැඩසටහන  සාර්ථකව මේවන විටත් ක්‍රියාත්මක වෙයි.

හිසට සෙවණක් නොමැති පවුල් සහ අබලන් නිවාසවල දිවිගෙවූ සමාගමේ සාමාජිකයන් රැසකගේ නිවාස ප්‍රශ්නයට විසඳුම් ලබා දීමට ක්‍රිස්බ්‍රෝ සමාගමට හැකි ව තිබේ. 2022 ලෝක ජනාවාස දිනයෙහි මෙරව තේමාව වූ කාබන් විමෝචනය හැකිතාක් අවම වූ ලෝකයක නාගරික හා ග්‍රාමීය නිවාස හිමිකම තහවුරු කිරීම යන අදහස අරුත් ගන්වමින් ක්‍රිස්බ්‍රෝ සමූහයෙහි සේවක සේවිකාවන්ගේ නිවාස අවශ්‍යතාවලට සැබෑ විසඳුම් ලබා දීමට ප්‍රජා අරුණ වැඩසටහන හරහා ක්‍රිස්බ්‍රෝ සමූහය පියවර ගෙන ඇත”

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, රටේ ජනගහනයෙන් සියයට 77ක් ග්‍රාමීය ප්‍රදේශවල වාසය කරන අතර බොහෝ විට, මෙම ප්‍රදේශවල ආර්ථිකය කෘෂිකර්මාන්තය, පශු සම්පත් සහ ධීවර කර්මාන්තය ඇතුළු ප්‍රාථමික අංශය මත කේන්ද්‍රගත වේ.

ක්‍රිස්බ්‍රෝ, සමාගමේ ප්‍රමුඛතම ආයතනික සමාජ වගකීම් වැඩසටහනක් වූ ප්‍රජා අරුණ ව්‍යාපෘතිය එහි ආරම්භයේ සිටම, සුදුසුකම් ලත්, සමාජ-ආර්ථික වශයෙන් පීඩාවට පත් සේවකයන්ට උසස් ජීවන මට්ටමක් ලබා දීමට සිය අවධානය සහ උනන්දුව පුළුල් කර ඇත. අද වන විට මෙම ව්‍යාපෘතිය මගින් නිවාස 84 ක් ප්‍රතිසංස්කරණය කර ඇති අතර නව නිවාස 34ක් ඉදිකොට එම නිවාස ක්‍රිස්බ්‍රෝ සේවකයන් වෙත භාරදී ඇත.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (1)

ක්‍රිස්බ්‍රෝ ප්‍රජා අරුණෙන් නැති බැරි සේවකයන්ට නිවාස

T Ruban Sunday, 29 September 2024 08:35 PM

ගෙදරදී උදව් කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 539 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 964 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site