IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ක්‍රවුන් මුදුව ඩොලර් මිලියනයකට වෙන්දේසි වෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

රැප් ගායකයකු වන ඩ්‍රේක් ග්‍රැහැම් විසින් 1996 වසරේදී මියගිය ටූපැක් ෂාකුර් නම් රැප් ගායකයා පැළඳි ක්‍රවුන් නම් මුදුව ඇමෙරිකානු ඩොලර් මිලියනයක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 32 කට ආසන්න) මුදලකට වෙන්දේසියකින් මිලදී ගනු ලැබ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම මුදුව මෙතෙක් අලෙවි වී ඇති වටිනාම හිප්-හොප් කෞතුක වස්තුව ලෙසද හඳුන්වන බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.වෙන්දේසියේදී මෙම මුදුවට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ දෙකක ආරම්භක ලංසුවක් තබා තිබුණත් අවසානයේ ඩොලර් මිලියනයක ලංසුවක් තබා මෙම මුදුව රැප් ගායකයකු වන ඩ්‍රේක් ග්‍රැහැම් විසින් මිලදී ගනු ලැබ ඇත.

ටූපැක් ෂාකුර් නම් රැප් ගායකයා 1996 වසරේ සැප්තැම්බර් 4 වැනිදා ඔහු අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටි එම්.ටී.වී සම්මාන උළෙලේදී මෙම මුදුව පැළඳ සිට තිබේ.



අදහස් (1)

ක්‍රවුන් මුදුව ඩොලර් මිලියනයකට වෙන්දේසි වෙයි

R.m.samaranayaka Tuesday, 01 August 2023 08:36 PM

තවත් වටිනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site