(අංජුල මහික වීරරත්න)
සේවා කාලය අවසන් කර නික්ම යන ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ජොන්ග් වුන්ජින්ග් (Jeong Woonjin) මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
දකුණු කොරියා තානාපතිවරයා සිය නික්ම යාම ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දුන් අතර, එහිදී සුහඳ සාකච්ඡාවකට ද එක්විය.
ජොන්ග් වුන්ජින්ග් මහතා සිය ධුර කාලයේ දී ලංකාවට දුන් සහයෝගය අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ කෘතඥතාව පළ කළ අතරඔහුගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට ද සුභාශිංසන පිළිගැන්වීය.
මෙම අවස්ථාව සඳහා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා ද එක්ව සිටියේය.
ජොන්ග් වුන්ජින්ග් මහතා 2020 ජූලි මස 02 දා සිට මෙරට දකුණු කොරියා තානාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොරියා තානාපති ජනපති හමුවෙයි
chandima Saturday, 08 April 2023 12:22 AM
පරක්කු වැඩියි. කළින් ගියානම් කිරිබත් කාලා යන්න තිබුණා.