ඌව පළාතේ ගෘහ භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන ලුවිස් ඉංජිනියරින් සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ කර්මාන්ත විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේ දී දැව හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වෝටර්ස් එජ් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන උළෙලේදී කළමනාකාර අධ්‍යක්ෂ ඩී. වෝල්ටර් ලුවිස් මහතා සම්මානය ලබා ගත්තේය.
ලුවිස් ඉංජිනියරින් සමාගම 1991 සිට ඉතා සාර්ථකව වානේ, දැව, මෙලමයින්, MDF ගෘහ භාණ්ඩ සහ සෝෆා වර්ග නිපදවා බෙසමාගමේ සුවිශේෂත්වයයි. රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක ගෘහ භාණ්ඩ නිෂ්පාදකයා ලෙසද ලුවිස් ඉංජිනියරින් සමාගම කටයුතු කරයි.
දිගුකල් පැවැත්ම, උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතය සහ අලංකාර නිමාවෙන් යුක්ත වීම ලුවිස් ඉංජිනියරින් ගෘහ භාණ්ඩ ජනප්‍රියවීමට හේතුවයි. ලුවිස් ඉංජිනියරින් සමාගමේ ශාඛා පහක් වැලිමඩ ප්‍රදේශයේදාහරියි. කාර්යාල සහ නිවාස සඳහා අවශ්‍ය වන ඉහළ ගුණාත්මකභාවයෙන් සහ උසස් ප්‍රමිතියෙන් යුක්ත ගෘහ භාණ්ඩ නවීන මෝස්තරවලින් නිර්මාණශීලීව සැකසීම ලුවිස් ඉංජිනියරින් තිබෙන අතර දිවයින පුරා නියෝජිතයන් 100කට වැඩි ගණනක් හරහා ගෘහ භාණ්ඩ බෙදා හරියි. මීට පෙර ව්‍යවසායකත්ව සම්මාන උළෙලවල් රැසකදී ජාතික මට්ටමේ රන් රිදී සම්මාන රැසක් දිනා ගැනීමට සමාගම සමත් වී ඇත. ලුවිස් සහ පුත්‍රයෝ හා ලුවිස් ෆර්නිචර්ස් යනුවෙන් ලුවිස් ඉංජිනියරින් සමාගමට අනුබද්ධ ආයතන දෙකක්ද ඇත.
“අපගේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට බල පෑ ප්‍රධාන සාධකය වන්නේ වසර ගණනාවක් තිස්සේ නිර්මාණය කළ පාරිභෝගික විශ්වාසයයි. එසේම අලෙවියෙන් පසු සේවය පිළිබඳව අපි වඩාත් සැලකිලිමත් වෙනවා. මෙම ජයග්‍රහණයට සහාය දැක්වූ අපගේ වටිනා පාරිභෝගිකයන්ටත්, කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.” කළමනාකාර අධ්‍යක්ෂ ඩී. වෝල්ටර් ලුවිස් මහතා පැවසීය.
-සටහන- චමින්ද මුණසිංහ
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කර්මාන්ත විශිෂ්ටතා රිදී සම්මානයෙන් ලුවිස් ඉංජිනියරින් පිදුම් ලබයි