IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කර්මාන්ත වලට වෙනම බැංකුවක් එයි

(අංජුල මහික වීරරත්න)

මෙරට කර්මාන්ත නඟා සිටුවීම වෙනුවෙන් වෙනම  බැංකුවක් ස්ථාපිත කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.

ඇතැම් මූල්‍ය ආයතන ඉදිකිරීම් කර්මාන්තයට පහසුකම් සැලසීම සීමා කර තිබෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා මෙම ගැටළුවට විසඳුමක් ලෙස නව බැංකුව ස්ථාපිත කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි  ද  සඳහන් කළේය.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන්  ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද(22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමේ දී ඛනිජ සම්පත ඵලදායීව භාවිතයට ගැනීම පිළිබඳ අවධානය යොමු කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

ඛනිජ සම්පත්  අගය එකතු කළ නිෂ්පාදන වලට ඉහල වටිනාකමක් දිය හැකි බව කී රාජ්‍ය අමාත්‍යවරයා රටේ භූමිය ආරක්ෂා කරගනිමින් එම සියලු කටයුතු ක්‍රියාවට නැංවීම අපේක්ෂා කරන බවද කියා සිටියේය.



අදහස් (7)

කර්මාන්ත වලට වෙනම බැංකුවක් එයි

විජේ Saturday, 23 September 2023 12:05 AM

ඉතාමත් කාලීන අවශ්‍යතාවයක්. දැන් බය නැතිව හොරකම් කරන දේවල් බොල් ණයට දැම්මැහැකි. අනේ වාසනාවන්...!!!

:       0       1

සෙනෙවිරත්න Saturday, 23 September 2023 07:58 AM

තමුන්නාන්සේට කරන්න පුළුවන් එකක් කියන්නකෝ...! තමුන්ට පුළුවන්ද බැංකුවක් දාන්න? අනෙක කර්මාන්තවලට අතදෙන්න බැංකු කීයක් තියෙනවාද? දැන් ඒ බැංකු ඒ වැඩේ විතරක් නොකර තම ලාභය තකා වෙනවෙන වැඩ කරන්න ඕනෑ... ඒවා නියාමනය කරලා හරිමගට ගන්න එක. ඒවාට පනවපු අධික බදුබර අඩුකරලා ලාබ අරමුණු බැහැර කරවලා තමන් ස්ථාපිත කරපු පනතේ අරමුණට අනුකූලව වැඩ කරන්න බලකරන එකයි...

:       0       7

ravin Saturday, 23 September 2023 09:45 AM

කසිප්පු පෙරීමත් කර්මාන්තයක්ලු නේද? ඒ හින්දා බැංකුවේ නම කසිප්පු කියලලු දාන්නේ...

:       0       8

අනුරාද Saturday, 23 September 2023 11:09 AM

ඇයි ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව කියලා එකක් තිබ්බේ. ඒක දැන් ආර්. ඩී. බී එකට විකුණලා ආයෙත් එකක් හදන්න හදනවා..

:       0       9

kavidhu Saturday, 23 September 2023 01:28 PM

තවත් අලුතින් බැංකු ඕන නෑ. තියෙන බැංකුවල ණය දෙන ක්‍රමය වෙනස් කරන්න. ණයක් ගන්න ගියාම පරම්පරා 7ක විස්තර සේරම කියලා අදාළ ලියවිලිත් දෙන්න ඕනෑ.

:       0       6

ගමේ එකාලා Saturday, 23 September 2023 02:57 PM

වැඩ කෙසේවෙතත් කයිවාරුව නම් තියෙනවා. මෙයා හරියට කරපු දෙයක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියාවි...!

:       0       6

Nimal Saturday, 23 September 2023 06:53 PM

මොනවා හරි කියන්නත් එපැයි කාලෙන් කාලෙට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site