(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දකුණු පළාතේ ප්‍රධානතම රෝහල වන කරාපිටිය රෝහලේ ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා සේවය අවසන් කොට විදේශ ගතවී තිබෙන බැවින් හෘද රෝග කැතීටර් සැත්කම් නතර වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
කරාපිටිය රෝහලේ දී රෝගී දරුවන්ට ප්‍රතිකාර කරන්න බැරි නිසා කොළඹ ළමා රෝහලට මාරු කරන නමුත් කොළඹ ළමා රෝහලේ ද ලොකු පොරොත්තු ලේඛනයක් තිබෙන නිසා ඊට ඉඩක් නැති බව ප්‍රකාශ කර ඇතැයි මන්ත්‍රීවරයා කීය .
අහිංසක දරුවන් ඉන්නේ ජීවිත අවදානමක බව කී කරුණාතිලක මහතා මේ සඳහා ඉක්මන් පියවරක් ගත යුතු බව සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීවෙි එම කාරණය ඇත්තක් වන අතර විශ්‍රාම ගොස් සිටින වෛද්‍ය ගුණතිලක මහතා වෙනුවට වෛද්‍යවරයෙක් කරාපිටියට යවා ඇති බවයි.
මෙය ඉතා සංවේදී කාරණයක් වන අතර බුද්ධි ගලනය සහ නොයෙක් ප්‍රශ්න සමග මෙි ගමන රෝස මල් යහනාවක යන ගමනක් නොවේ යැයිද වෛද්‍යවරුන් හරියටම බෙදීමක් කරනවා නම් ප්‍රශ්නයට යම් විසඳුමක් ලබාගන්න හැකි අතර ඒ කාරණය සිදුකරමින් යන බවයි.
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කරාපිටියේ ළමා හෘද රෝග කැතීටර් සැත්කම් නැවතිලා
හිරෝෂ Tuesday, 22 August 2023 03:20 PM
පශු වෛද්‍යවරුන් ඉන්නකල් මේ රටේ එකාලාට අවුලක් වෙන එකක් නෑ...