(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොරෝනා වෛරසය හේතුවෙන් මහමග පුද්ගලයන් මිය යන බව සංවිධානාත්මකව අසත්‍ය ප්‍රචාරය කළ තවත් පුද්ගලයන් 29 සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
ඒ අතර ඕස්ට්‍රේලියාවේ පදිංචි කාන්තාවක් සහ ජපානයේ පදිංචි පුද්ගලයෙක් ද වන බව මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.
මෙරට පදිංචි පුද්ගලයන් 27 දෙනෙකු හඳුනාගෙන, අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි අජිත් රෝහණ මහතා කීය.
මෙම අසත්‍ය ප්‍රචාරය කළ කඩුගන්නාව සහ හන්තාන ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙක් මේ වන විට රිමාන්ඩ් භාරයට පත්කර ඇතැයිද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම පරීක්ෂණ මෙහෙයවනු ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
විනෝද චාරිකාවකට එක්වී දැදුරු ඔයේ දිය නාමින් සිටි පිරිසකගෙන් පස් දෙනෙකු දිය රැළකට හසුව ගසා ගෙන යද්දි තරුණියන් තිදෙනෙකු බේරා ගෙන ඇතත් එම දිය රැළට හසුවු
තනතුරේ රාජකාරී ආවරණ කටයුතු තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් ගෙන් එල්ල වී ඇතැයි කියන ජීවිත තර්ජනය ස
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙ
ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය
උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කොරෝනා සම්බන්ධ අසත්‍ය ප්‍රචාර කළ 29 ක් සොයයි
Max Wednesday, 18 November 2020 05:43 PM
ඉතා හොඳ පියවරක්. බොරුකාරයින්ට, මඩකාරයින්ට ඉඩ නොදිය යුතුයි.
Prabha Wednesday, 18 November 2020 06:01 PM
දවසගානේ නිලධාරීන් මාරු කරමින් කරන විකාරය නැවත නිවැරැදි තොරතුරු ජනතාවට දෙන්න. කොහොමත් කුණු රසට ආස ජාතියක් වන අපිට එකම පිළිතුර ඒකයි.
ranasighe Wednesday, 18 November 2020 06:17 PM
එසේය මහරජ... අන් රටවල මෙන් නොව මෙම අපූරු රටේ කිසිම හේතුවක් නිසා මිනිසකු පාරේදී නම් මෙරට නොමරෙයි. එසේ බොරු කියනුවන්හට දඬුවම් දෙනු මැනවි... (නාට්ටියකින් කොටසක් පමණි)
Rata Perata Wednesday, 18 November 2020 06:28 PM
ඔයිට වඩා හොඳ නැද්ද ගෙවල්වලට හිරවෙලා කන්න නැති මිනිස්සු හොයලා උදව්වක් කරන එක...
ලකිත් ශ්‍යාමන් Wednesday, 18 November 2020 07:00 PM
එතකොට ඉතාලියේ මහ මග මැරී වැටෙනවා, ඉතාලියේ කොකු වලින් උස්සලා මිනී විසිකරනවා වගේ අසත්‍යය ප්‍රකාශ කරපු අයව ඇරස්ට් කරන්න.. එයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නේ කවදාද?
Bamunuarachchi Thursday, 19 November 2020 12:29 AM
අල්ලගෙන කරටියෙන්ම කඩලා දමන්න.
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 19 November 2020 02:10 AM
රටක් හෝ රජයක් කලට වේලාවට කිසිවක් නොසඟවා සැබෑ පුවත් ඉදිරිපත් කරනවා නම්, අසත්‍ය ප්‍රචාරයන් පැතිරවීමට අනුවණයින්ට ඉඩ ප්‍රස්ථා උදාවන්නේ නැහැ. ඒ වගේම කලට, වේලාවට නිවැරදි නිරවද්‍ය ප්‍රවෘත්ති අසන එම රටේ ජනතාව සත්‍ය පවසන රජයක් ඉදිරියේ මෝඩ අසත්‍ය පුවත් කිසිසේත් පිළිගන්නේ නැහැ. ඒ නිසා තම තමන්ගේ අඩුපාඩු නිවැරදි කරගන්නවා නම්, මෙසේ මෝඩ මදුරුවන් ඇල්ලීමට කඩු එසවීමට පොලීසියට සිදුවන්නේ නැහැ. කරුණු කෙසේ වෙතත්, මදුරුවා දෂ්ට කිරීම වරදක් වගේම මදුරුවන් ඇල්ලීමට කඩු යොදාගැනීම අනුවණ කමක් බවයි පෙනීයන්නේ. කළයුතු වන්නේ මදුරුවන් බෝවෙන පරිසරය පිරිසිඳු කිරීමයි. පරිසරය අපිරිසිදු නම්, මදුරුවන් එහි බිත්තර දමනවාමයි. වැඩෙන මදුරුවන් දෂ්ඨ කරනවාමයි. එ් නිසා, කළයුතු වන්නේ, පරිසරය පිරිසිදු කිරීම මිස මදුරු මර්දනයට කඩු ගැනීම නොවේ...
sara Thursday, 19 November 2020 03:24 AM
එතකොට අර අනතුර කරලා පොලිසිය ඉස්සරහ ලයිසන් ප්ලේට් එක ගලවපු අයට මොකද වෙන්නේ දන්නෑ නේද?
Kamal Koyrala Thursday, 19 November 2020 09:38 AM
දැන් පොලිසිය කුඩු, කහ, ගංජා, සෙවීම් නතර කරලද.?