(අනීෂා මානගේ)
කොරෝනා වසංගතයේදී ලෝකයේ දියුණුයි කියන රටවල් වැටෙද්දී අපේ කුඩා රට ඉහළට ඔසවන්න පුළුවන් වුණේ සෞඛ්‍ය සේවයේ සියලු දෙනාගේ සහයෝගය නිසා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
තංගල්ල මූලික රෝහලේ “සෞභාග්‍යා සුව අරණ” වාට්ටුව සහ හෘද රෝග දැඩි සත්කාර ඒකකය අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් ජනතා අයිතියට පත්කිරීම අද(6) සිදුකෙරිණි.
රුහුණු කරළිය සංවිධානයේ මූල්‍ය දායකත්වයෙන් රුපියල් ලක්ෂ 460ක වියදමින් මෙම ගොඩනැගිලි ඉදිකර තිබිණ.
එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
අපේ සෞඛ්‍ය සේවය ලෝකයා ඉදිරියේ ආඩම්බරයෙන් නැඟී සිටින්න පුළුවන් සෞඛ්‍ය සේවයක්. පසුගිය කොරෝනා වසංගත අවස්ථාවේදී දියුණුයි කියන රටවල් වැටෙද්දී අපේ වගේ කුඩා රටක් ඉහළට ඔසවන්න පුළුවන් වුණේ සෞඛ්‍ය සේවයට සම්බන්ධ සියලු දෙනාගේ සහයෝගය නිසායි. ඔවුන්ගේ හැකියාව නිසායි. සමහර රටවල දහස පැනලා අදටත් මරණ වාර්තා වෙනවා. එහෙම අවස්ථාවක මෙය අපේ සෞඛ්‍ය සේවයේ වැදගත්කම තව තවත් ලෝකයට පෙන්වන්න පුළුවන් අවස්ථාවක් වී තිබෙනවා. ගමටම යන සෞඛ්‍ය සේවයක් ඉතුරු වී තිබෙන්නේ මම හිතන්නේ ලංකාවේ පමණයි. හැම ගමකම හැම කෙනෙකුටම ඉක්මනින් සම්බන්ධ වෙන්න පුළුවන් සෞඛ්‍ය සේවයක් තිබෙනවා. අපිට අපේ සෞඛ්‍ය සේවය පිළිබදව ආඩම්බර වෙන්න පුළුවන්. අපි ස්තූතිවන්ත වෙනවා සියලුම වෛද්‍ය සේවයටම. ඉහළ සිට පහළට සියලුම දෙනාව අපි අගයනවා යැයිද කීවේය.


2025 නොවැම්බර් මස 17
117
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
963
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2571
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
’කොරෝනා වසංගතයෙන් දියුණු රටවල් වැටෙද්දී අපි නැගිට්ටේ සෞඛ්‍ය අංශයේ සහයෝගයෙන්’