IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කොරෝනා වයිරසයෙන් ආරක්ෂාව ගෙනෙන බසයක්

 

(නිමල කොඩිතුවක්කු)

කොරෝනා වයිරසයෙන් මගී ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා ආරක්ෂිත බස් සේවාවක් හඳුන්වා දුන් බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ලංකාදීපයට පැවැසීය.

මෙහි නියමු වැඩසටහන ක්‍රියාත්මක කරමින් මාර්ග අංක 163 දෙහිවල විදෙස් සේවා මාර්ගයේ තමන්ට අයත් බස් රථයක් ආරක්ෂිත ක්‍රමවේද අනුව සකස් කර අනුමැතිය සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා වෙත අද(20)දිනයේ ඉදිරිපත් කළ බව ඔහු සඳහන් කළේය.

මෙම ක්‍රමවේදය සඳහා ප්‍රවාහන අමාත්‍යංශය අනුමැතිය ලැබුණු පසු සියලුම බස් රථ ඒ අනුව සකස් කිරීමට පියවර ගන්නා බවද විජේරත්න මහතා සඳහන් කළේය.

බස් රථයේ එක් ආසනයක එක් මගියෙකු පමණක් ගමන් කරන බවත් එම සෑම ආසනයක්ම ඉටිකොළ වලින් ආවරණය කරන ලද බවද ඔහු සඳහන් කළේය.

බස් රථයේ කොන්දොස්තර වරයාට එහා මෙහා ගමන් කළ නොහැකි අතර ඔහු බස් රථයට ඇතුළුවන පිටුපස දොර දොර ආසන්නයේ සකස් කළ කුටියක රැඳී සිටීම අනිවාර්ය වේ.

සෑම ගමනානාන්තයකදීම බස් රථයේ විසබීජහරණයට ලක් කිරීම ද අනිවාර්ය වේ.

මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා සාමාන්‍ය බස් ගාස්තුව මෙන් එක හමාරක ගුණයක් අය කිරීමට සිදුවන බවද විජේරත්න මහතා සඳහන් කළේය.

මහජනතාව ආරක්ෂා කරගනිමින් බස්රථ කර්මාන්තය පවත්වා ගැනීමේ අරමුණෙන් මෙම සේවාව හඳුන්වා දුන් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

(ඡායාරූප : ලහිරු හර්ෂණ)



අදහස් (4)

කොරෝනා වයිරසයෙන් ආරක්ෂාව ගෙනෙන බසයක්

tuan sheriff Saturday, 21 November 2020 06:23 AM

මගීන් 20කට කොන්දොස්තර කෙනෙක් අවශ්‍යද?

:       5       5

Prase Saturday, 21 November 2020 02:31 PM

කොන්දොස්තර නැතුව හොඳයි, ගොඩක් රටවල්වල බස් දුවන්නේ කොන්දොස්තර නැතුව. එතකොට ලාභය වැඩියි. සාමාන්‍ය ගානට දුවන්න පුළුවන්.

:       1       1

kamalSunday, 22 November 2020 03:56 AM

ගොඩක් රටවල කරන හොද දේවල් නෙමෙ... අපි පිළිපදින්නේ නරක දේවල්...

:       0       1

සත්‍යපාල - මාතර Sunday, 22 November 2020 01:11 AM

ඉතා හොඳ අදහසක්. ඇත්තටම මේවා අගය කරන්න ඕනෑ. ගාණත් සාධාරණයි. සෑම ගමන් වාරයකට පසුව බස්රථය විෂබීජ හරණය කරන්න. අපි අවංකව ආරක්ෂාකාරීව වැඩ කළොත් මේ විපත්තියෙන් ගොඩයන්න පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 56 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 24 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 735 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site