IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


කොරෝනා මර්දනයට මාතලේ ප්‍රාදේශීය සභාවෙන් රුපියල් ලක්ෂ 50ක්

(මහේෂ් කිර්තිරත්න)

මාතලේ  ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුල කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයේ මර්දන වැඩසටහන්  ක්‍රියාත්මක කිරීම සඳහා සහ ජනතාවට සහන සැලසීම සඳහා සභා අරමුදලෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක්  වෙන් කිරීමට සභාවේ සියලු මන්ත්‍රීවරුන් එකඟතාවය මත තීරණය  කර  ඇති බව සභාපති කපිල බණ්ඩාර හේන්දෙණිය මහතා අද (28) දා පැවසීය.


සභාපති කපිල බණ්ඩාර හෙන්දෙණිය මහතා වැඩිදුරටත් කියා සිටියේ  එම  මුදල්  නව කොරෝනා   මර්දන කටයුතු සඳහා සහ ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීම සඳහා යොදා ගැනීමට  කටයුතු කරන බවත් ඒ සදහා මහජන නියෝජිතයින් ලෙස සියලු දෙනා මේ මොහතේ කැපවි සිටින බවයි.


මෙම මුදල් වෙන් කිරීම සඳහා මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් වරයාගේ නිර්දේශය  සහ පළාත් ආණ්ඩුකාර තුමාගේ අනුමැතිය  ඉල්ලා ඇති  බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසිය.
 



අදහස් (0)

කොරෝනා මර්දනයට මාතලේ ප්‍රාදේශීය සභාවෙන් රුපියල් ලක්ෂ 50ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 60 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 267 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site