IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කොරෝනා ආසාධිතයකු කුරුණෑගලින් හමුවෙයි

(පුෂ්පකුමාර ජයරත්න)

කුරුණෑගල ශික්ෂණ රෝහලේදී කොරෝනා ආසාධිතයෙකු බවට හඳුනාගත් ඉතාලියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අයිඩීඑච් උණ රෝහලට අද (14) යැවූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය .

උඩුබද්දාවේ පදිංචි අවුරුදු 31ක් වයැසැති තරුණයෙකු වන ඔහු උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව හට ගැනීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා උඩුබද්දාව රෝහලට ඇතුළත් වීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට එවීමෙන් අනතුරුව කරන ලද පරීක්ෂණ වලින් කොවිඩ් 19 ආසාධිතයෙකු බවට අනාවරණය වී තිබේ.



අදහස් (2)

කොරෝනා ආසාධිතයකු කුරුණෑගලින් හමුවෙයි

Champa Saturday, 14 March 2020 01:42 PM

දැන්නම් සැකත් හිතෙනවා මේ දවස්වල රටට එන්නේ කොරෝන ආසාදිතයන්ද කියලා. දෙස් විදෙස් හැමෝම ඒ ගැන කියන්නේ. ඉතාලිය සහ කොරියාව වගේ රටවලින් ඇවිල්ල කටුනායක රණ්ඩු කරපු තමන් ගෙනියන වාහනේ රියදුරාට පහර දීලා පැනල යන්න හදපු පිරිසට කොරෝනා තියෙන බව හඳුනා ගැනීම භයානකයි. සමහරවිට මේ පිරිස සහ හඳුනා ගත්ත අනිත් විදේශිකයන් කොරෝන රෝග ලක්ෂණ තියෙද්දීම ලංකාවට ආව බවයි පේන්නේ. කොරෝන නිරෝධනය එපා කිව්වේ මේ රෝගය රටේ පතුරුවන්න අදහසින්. නැත්නම් රට ගැන හිතනවා නම් ස්වේච්චාවෙන් කොරෝන නිරෝධනයට සහභාගී වෙන්න එපෑය. මේක කීප වතාවක් කිව්වා. ගුවන් තොටුපොල සති කීපයකට වහලා රටේ ඉන්න මිනිස්සුන්ට කොරෝන පැතිරෙන්න හෝ පතුරුවන්න හදන උත්සාහය වළක්වා ගන්න වේලාසනම.

:       0       0

Warnakulasuriya Saturday, 14 March 2020 02:37 PM

පවතින තත්ත්වය අනුව අදාළ සෞඛ්‍ය බලධාරින්ගේ අවධානයට ලක් නොවුන කරැණක් මෙහි සද හන් කළ යුතුව ඇත. මෙතෙක් ඒ පිළිබද සැළකිල්ලක් නොදැක්වීම කණගාටුවට කරැණකි. මෙම රෝගය ඇතිවෙන්නටත් කළින් බෝහෝ රටවල සුපර්මාර්කට්වල එළවළු, පළතුරැ තමන් තෝරා ගැනීමේදි පොලිතින් අත්ආවරණයක් (ග්ලවුස් එකක් ) භාවිතා කිරීම අනිවාර්ය වේ. වෙළදහිමියා එය නොමිලයේ සපයනු ඇත. සතිපොළක වගේ නම් වෙළෙන්දා පමණක් එළවළු පළතුරු ලබා දෙනු ඇත. නොදැනුවත්කමට කෙනෙක් පළතුරු ගෙඩියක් ඇල්ලුවොත් බැනුම් ඇසීමට සිදුවේ. අපේ රටේ එක පළතුරු ගෙඩියක් , බණ්ඩක්කා කරලක් දවසකට කීදෙනෙක් ස්පර්ශ කරනවාද? මෙවන් මොහොතකවත් වෙළදසැල් හිමියන් සහ ජනතාව දැනුවත් කිරීම අදාළ පාර්ශවයන්ගේ වගකීම විය යුතුය. ශ්‍රීලංකාවේ සමහර සුපර්මාර්කට්වල තිබුණත් එය අනිවාර්ය කර නැත. මේ වෙනකොට ඉතාලියේ සුපර්මාර්කට්වලට ඇතුළුවීමට පෙර විෂබීජ නාශකයක් මගින් අත් සෝදාගැනීම අනිවාර්ය කර ඇති තත්ත්වයක් පවති. හැම කෙනෙක්ම සැළකිලිමත්ව වගකීමෙන් කටයුතු නොකරන්නේ නම් අපේ රටවැනි දුප්පත් රටකට ඇතිවෙන තත්ත්වය සිතාගත නොහැකියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31260 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13442 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10985 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 90 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 926 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 277 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site