IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


කොරෝනා ආසාදිතයන් 9ක් සුවය ලබා පිටව ගිහින්

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
 
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් 9 දෙනෙකු අද(28) වන විට සුවය ලබා පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි.

එමෙන්ම මේ වනවිට පුද්ගලයින් 97 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බවද එම කාර්යංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වූ  බවට තහවුරු වූ පුද්ගලයන් සංඛ්‍යාව  මේවනවිට 106 කි. ඊයේ(27)  සහ අද (28) දිනයේදී මේ වනතුරු  කිසිදු  නව ආසාදිතයකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

කෙසේ නමුත්  මේ වන විට රෝහල් ගතවී සිටින මුළු පුද්ගලයන්ගේ  සංඛ්‍යාව 199කි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය අද නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන් කර තිබේ.



අදහස් (0)

කොරෝනා ආසාදිතයන් 9ක් සුවය ලබා පිටව ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 58 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 265 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site