IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කොරෝනා ආසාදිතයන්ට ස්වසන යන්ත්‍ර නිපදවීමට ට්‍රම්ප්ගෙන් නියෝග

කොරෝනා රෝගීන් සඳහා ස්වසන සංවාතන යන්ත්‍ර (වෙන්ටිලේර්ස්) නිෂ්පාදනය කරන්නැයි ඇමෙරිකාව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එරට ජෙනරල් මෝටර්ස් සමාගමට නියෝග කර ඇත.
 
කොරියානු යුද සමයේ ක්‍රියාත්මක කෙරුණු ආරක්ෂක නිෂ්පාදන පනතක් බලාත්මක කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා එම නියෝගය කර ඇත. එම පනතට අනුව ජාතික ආරක්ෂාව සඳහා නිෂ්පාදන කටයුතු කරන්නැයි සමාගම්වලට නියෝග කිරීමට ජනාධිපතිවරයාට බලය ලැබේ. 
 
"ජෙනරල් මෝටර්ස් සමාගම කාලය නාස්ති කළා. ඇමෙරිකානුවන්ගේ ජීවිත බේරාගැනීම සඳහා ක්‍රියාමාර්ගයක් ගන්න වුණා" යැයි ජනාධිපති ට්‍රම්ප් පැවැසීය.
 
ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන මේ වනවිට 104,000 ඉක්මවා ගොස් ඇති අතර ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් සිටින රට බවට පත්ව ඇත්තේ ද ඇමෙරිකාවයි.
එරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 1,700 කට ආසන්න වේ.

රොයිටර් /බී.බී.සී
 
055


 



අදහස් (6)

කොරෝනා ආසාදිතයන්ට ස්වසන යන්ත්‍ර නිපදවීමට ට්‍රම්ප්ගෙන් නියෝග

Nuwan Saturday, 28 March 2020 08:57 AM

මෙයාගේ කයිය විතරයි. අහිංසක මිනිසුන්ගේ ජිවිත අනතුරේ.

:       0       0

lalithm Saturday, 28 March 2020 08:58 AM

අනේ ඉතින් අපේ රටේ ජනපති තුමාට මෙහෙම නියෝගයක් දෙන්න පුළුවන් කමක් තියෙනවා නම්? අපි කොතරම් පසුගාමී ජාතියක්ද. මේවගේ දේවල් නිපදවන්න පුළුවන් අය ඔක්කොම වෙන රටවලට කඹුරනවා.

:       0       0

jayath Saturday, 28 March 2020 09:11 AM

කාට උනත් වැරදුනාම හිනා වෙන්න නරකයි.

:       89       5

දසුන් Saturday, 28 March 2020 10:33 AM

පැහැදිලිවම මානව හිමිකම් උල්ලංගනය කිරිමක්...

:       0       0

රවින් Saturday, 28 March 2020 10:59 AM

මෙයා නම් අපේ රටේ ඉන්න ජාතියේ දේශපාලුවෙක්. අස්සයෝ බාගයක් විතර පැනලා ගියාට පස්සේ ස්ථාලයේ දොර වහන්න ලැහැස්තිවෙනවා. අර තාප්ප බඳින්නයි බොරු කචල් ඇතිකරන්නයි වියදම් කරන්න ඉස්සෙල්ලා සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය මෙවැනි උපකරණ හැම ඇදකටම සවිකරානම් මොකද වෙන්නේ? තඹේකට ගණන් ගන්න නරකයි. පුහු බලයක් පෙන්නන්න හදනවා.

:       0       0

anura Saturday, 28 March 2020 11:56 AM

කලින් ඉඳලා මහා පරිමාණ මනුෂ්‍ය ඝාතන අවි නිපදවන්නේ නැතිව මනුෂ්‍යා ජීවත් කරන දේවල් වලට අවධානය යොමු කරා නම් දැන් කලබල වෙන්නැතිව හොඳින් ඉන්න තිබුනා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31472 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13774 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11057 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 148 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1063 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site