IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කොරෝනාවෙන් ආරක්ෂාවට බ්‍රිතාන්‍යයෙනුත් එන්නතක්

කොවිඩ් - 19 රෝගයෙන් ආරක්ෂාවීම සඳහා සකස් කළ නව එන්නතක අත්හදා බැලීම් මේ දිනවල බ්‍රිතාන්‍යයේ සිදුකෙරේ.

බෙල්ජියම් සමාගමක් වන ජැන්සන් විසින් මෙම එන්නත නිපදවා ඇත.මිනිසුන්ට වැළඳෙන සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා වයිරසයක ජාන වෙනස් කිරීමෙන් එන්නත නිපදවූ බව පර්යේෂකයෝ පවසති.

මෙම එන්නතේ මූලික ප්‍රවේශය, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය හා ඇස්ට්‍රසෙනිකා සමාගම එක්ව නිපදවූ එන්නතට සමාන වන නමුත් එහි සියුම් වෙනස්කම් ද තිබෙන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

ඇස්ට්‍රසෙනිකා සමාගම නිපදවූ එන්නත චිම්පන්සියන්ට ආසාදනය වන වයිරයක් ආශ්‍රයෙන් නිපදවා ඇති අතර බ්‍රිතාන්‍යයේ එන්නත මිනිසුන්ට ආසාදනය වන වයිරසයක් ආශ්‍රයෙන් නිපදවා ඇතැයි ඔවුහු පවසති.

බ්‍රිතාන්‍යයෙන් තෝරාගත් 6,000ක පමණ පිරිසකට එන්නත ලබාදීම දැනටමත් ආරම්භකර ඇත. මේ සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වන පිරිසක් තෝරාගෙන ඇති අතර ඔවුන්ට මාස දෙකක කාලයකදී එන්නතේ මාත්‍රා දෙකක් ලබාදීම සිදුකරයි.

දෙවැනි වටයේදී තවත් රටවල් කිහිපයක් හා එක්ව එන්නත 30,000ක පමණ පිරිසකට ලබාදීමට ද සැලසුම්කර තිබේ.
මෙහි ප්‍රතිඵල ලබාගැනීම මාස හයක් හෝ නවයක් ගතවිය හැකියැයි ද පර්යේෂකයෝ පවසති.

බීබීසී ඇසුරිණි

085



අදහස් (0)

කොරෝනාවෙන් ආරක්ෂාවට බ්‍රිතාන්‍යයෙනුත් එන්නතක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 53 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 884 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2515 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site