IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කුරුදුවත්තේ අනතුරින් මියගිය පොලිස් නිලධාරියාට උසස්වීමක්

(ඉන්දිකා  රාමනායක සහ යොහාන් භාසුර)

කොළඹ කුරුදුවත්තේ රථවාහන රාජකාරියේ නිරත වෙමින් සිටියදි   මෝටර් රථයක ගැටීමෙන් බරපතල තුවාල ලබා මියගොස් සිටි  ආධුනික පොලිස් කොස්තාපල් (19498) මනෝජ් ප්‍රියංකර  මහතා  පොලිස් සැරයන් නිළයට උසස් කිරීමට පොලිස්පතිවරයා විසින් පියවර ගෙන ඇත.

මෙම ආධුනික කොස්තාපලවරයා පොලිස් කොස්තාපල් තනතුරේ ස්ථිර කර පශ්චාත් උසස්වීමේ පදනම යටතේ අද දින සිට සැරයන් නිළයට උසස් කර ඇත.

මෙම කොස්තාපල්වරයා  ඊයේ (5) පස්වරුවේ රථ වාහන රාජකාරියේ යෙදී සිටියදි  අධික වේගයෙන් ධාවනය වෙමින් තිබු  සුඛෝපභෝගි මෝටර් රථය  ගැටී  බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි  අද අලුයම මියගොස් තිබුණි.



අදහස් (3)

කුරුදුවත්තේ අනතුරින් මියගිය පොලිස් නිලධාරියාට උසස්වීමක්

C.K.Lankaputhra Saturday, 07 October 2023 05:24 AM

VIP ඇක්සිඩන්ට්. වරද පොලිස් නිලධාරියාගේ. VIP කාර් එකක හැප්පෙන්න පොලිස් නිලධාරීයෙකුට අවසරයක් නෑ..

:       1       12

අබිලින් Saturday, 07 October 2023 01:07 PM

උසස් වීමක් දීලා පමණක් මදි... රාජකාරියේ සිටිද්දී මියගියාම තනතුරට අදාල වන්දියක් (සාමාන්‍යයෙන් මරණයට පත්වුනොත් අවුරුදු දහයක වැටුප්) හා මරණ පාරිතෝෂික මුදල්... විවාහක නම් කලත්‍රයාට වැන්දඹු විශ්‍රාම වැටුප් ගෙවන්න ඕනෑ. ඒවා දෙනවා කියලා මිනීමැරුම් කළ පුද්ගලයා වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කර දඬුවමක් දීමට කටයුතු කරන්නත් ඕනෑ.

:       2       22

ගමේ එකාලා Saturday, 07 October 2023 04:06 PM

සුඛෝපභෝගි මෝටර් රථයෙන් ඉගිල්ලෙන්න ගිය එකා නිදොස් කොට නිදහස් කෙරුවද?

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 244 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 177 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 984 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site