IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


කුරුදුමලෙයි ධාතු නිදානෝත්සවයට බාධා

(රොමේෂ් මධුෂංඛ)

මුලතිව් කුරුදුමලෙයි ඓතිහාසික කුරුන්දි විහාරයේ සර්වඥ ධාතු තැන්පත් කිරීමට එරෙහිව දෙමළ දෙමළ ජාතික සංවිධානයේ  විරෝධතාවක් හේතුවෙන්  තාවකාලිකව කල්දැමීමට සිදු වූ බව කුරුන්දි විහාරයේ විහාරාධිපති උතුරු පලාත් ප්‍රධාන සංඝනායක ය ගල්ගම්වේ සන්තබෝධි හිමියන් පැවසීය.

බුද්ධශාසන කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ සහ ශ්‍රීලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය සහ තාක්ෂණික දායකත්වයෙන් බෞද්ධාලෝක පදනමේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ රණවිරුවන්ගේ සහ සිවිල් ආරක්ෂක බලකායේ ශ්‍රම දායකත්වයෙන් සංරක්ෂණය කළ චෛත්‍යයේ සධාතුක කරුඬු තැන්පත් කිරීම  ඊයේ දින පස්වරු 2 . 05 ට නියමිතව තිබුණි.

දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ ජනතා නියෝජිතයන් සහ ප්‍රදේශවාසීන් පිරිසක්  කුරුන්දි විහාරයේ සංරක්ෂණය කෙරුණු චෛත්‍ය ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කොට තිබීම හේතුවෙන් සර්වඥ ධාතු තැන්පත් කිරීම කල්දැමීමට පියවර ගෙන තිබුණි.

විරෝධතාවයේ නිරත වූවන් එහිදී පවසා සිටියේ  ‘කුරුදුමලෙයි විහාර භූමිය සම්බන්ධයෙන් මුලතිව් අධිකරණය මගින් නඩු නියෝගයක් ලබා දී ඇති හෙයින් එම අධිකරණ නියෝගය කඩකරමින් අලුතින් ගොඩනැගිලි ඉදිකිරීමට ආරක්ෂක අංශ සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පියවර ගන්නා බැවින් වහාම අදාල ඉදිකිරීම් නවතා දමන ලෙසටය.

මේ පිළිබඳව අදහස් පලකර සිටි කුරුන්දි විහාරයේ විහාරාධිපති උතුරු පලාත් ප්‍රධාන සංඝනායක  ගල්ගම්වේ සන්තබෝධි හිමියන්ගෙන් විමසීමේදී පවසා සිටියේ.

‘අධිකරණ නියෝගයේ තියෙන්නේ පැහැදිලිවම පුරාවිද්‍යා කටයුතු වෙනුවෙන් කිසිදු බාධාවක නොවිය යුතුයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සිදුකරගෙන යන සංරක්ෂණ කටයුතු ඇතුලු පුරාවිද්‍යාත්මක කටයුතු සිදුකිරීමේදී ප්‍රදේශයේ පිහිටි ආයතන දැනුවත් කොට සිදුකල යුතු බවටත් එවැනි කටයුතු සිදුකිරීමේදී මහජනතාවට බාධාවක් හෝ ගැටුමක් සිදුනොවන ආකාරයටට කටයුතු කරන්න කියලයි.

ධාතු තුන්පත් කිරීමේ අවස්ථාවට ත්‍රෛනිකායික උත්තරීතර සංඝයා වහන්සේ  මෙම ප්‍රදේශයට වැඩම කළා. ඒ වගේම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතා ඇතුලු නිලධාරීන්ද මෙම පූජා භූමියට පැමිණ විරෝධතාකරුවන් සමග සාකච්ඡා කළා. එහිදී පුරාවිදයා අධ්‍යක්ෂක ජනරාල්වරයා මුලතිව් දිසාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අදාල විරෝධතාකරුවන්ගේද සහභාගීත්වයෙන් සාකච්ඡාවක් සිදුකිරීමට එකඟවී තිබෙනවා. ඉන්අනතුරුව පසු දිනක තමයි මෙහි නැවත සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම සිදුවන්නේ. 

 



අදහස් (11)

කුරුදුමලෙයි ධාතු නිදානෝත්සවයට බාධා

මංගල Monday, 13 June 2022 04:10 PM

මේ අයට පයින් හරි, බැටන් හරි පාරවල් ටිකක් දීලා එලවන්න පොලීසියට බැරි වුණේ මොකද? මේකට හේතුව ලංකාවේ ඉතිහාසය අපොස සාමාන්‍ය පෙළට අනිවාර්ය නොකිරීම. ඉතිහාසෙ ෆේල් වෙන අයට උසස් පෙළ නැහැ. ඉතිහාසෙ පාස් වෙන අය මේ වගේ ගොන් ආතල් දෙන්නේ නැහැ සහ කෛයිරාටික දේශපාලුවන්ට රැවටෙන්නෙත් නැහැ, මේ වගේ ගොන්වැඩ වලට තමන්ගෙ කාලය නාස්ති කරන්නෙත් නැහැ.

:       31       130

naleen Monday, 13 June 2022 04:19 PM

මධ්‍යම රජය දුර්වල වනවාත් සමගම ප්‍රාදේශීයව ක්‍රියාත්මක වන කණ්ඩායම් වල හිස එසවීම...!

:       6       80

කිරි පුතා Monday, 13 June 2022 04:29 PM

කොටි අන්තවාදීන් හිතාගෙන ඉන්නෙ මේක ඊළම කියලා. රටේ ඉතිහාසය වසාදමන්න තමයි දඟළන්නේ. ඒ පැත්තේ උසාවිවල ඉන්නෙත් අන්තවාදීන්ම තමයි. රජය දැනගන්ක ඕන දෙමළ කතා කරන්න පුලුවන් ⁣වෙනත් නිලධාරීන් ඒ පැතිවලට දාන්න. නැත්නම් ඔවුන් සේරම එකතුවෙලා තමයි සිංහල බෞද්ධ උරුමයට පහර දෙන්න හදන්නේ...

:       26       98

Deepal Nirosh Monday, 13 June 2022 04:42 PM

එහෙනම් මේ ගෑස්, තෙල්, විදුලි මෙකී නොකී දෛනික ප්‍රශ්න තියෙන්නෙ අපට විතරයි. මෙයාලට ඒ මොනවත් නැතිව ඇති මේ වගේ අරගල කරන්න. 21 අලවෙලා ගියොත් තමා රටට හොඳ.

:       0       0

සුනිල් චන්ද්‍රකුමාර Monday, 13 June 2022 04:56 PM

ඓතිහාසික පුරා විද්‍යාත්මක තොරතුරු මත පදනම්ව පෞරාණික බෞද්ධ සිද්ධස්ථානයක් බවට සනාත වී තිබියදීත් බෙදුම්වාදීන් විසින් මෙලෙස බෞද්ධ උරුමය අභියෝගයට ලක් කිරීම කෙලෙස අවබෝධ කර ගත යුතුද? වර්තමානයේ මතුව ඇති ආර්ථික ගැටලුව ශ්‍රී ලංකාවේ ඒකීය භාවයට බලපාන අන්දම තේරුම් ගැනීමට මෙය කදිම නිදසුනකි. අරගලය පමණක්ම සියලුම ප්‍රශ්නවලට එකම විසඳුම ලෙස කල්පනා කරන සියල්ලන් විසින් රටේ ඒකීය බව සහ ජාතික උරුමය රැක ගැනීම පිළිබඳවත් තම හඬ අවදිකළ යුතුයි...

:       5       81

ගමේ එකාලා Monday, 13 June 2022 04:58 PM

දෙමළ ජාතික සංධානයේ අයට ඕනෑ විදියටද වැඩ සිද්ද වෙන්න ඕනේ...

:       6       51

සුදු ඇදගෙන කලු ඇවිදින් Monday, 13 June 2022 06:51 PM

ගෝඨා ගෝ කියන අරගලයේ සැබෑ හේතු...

:       6       67

අමිල සිං Monday, 13 June 2022 09:03 PM

කලබල වෙන්න එපා. මේවා පටු දේශපාලන වාසි වලට කරන දේවල්. පක්ෂ විපක්ෂ බෙදහයකින් තොරව මේකෙන් වාසි වෙන හැමෝම මේක පිටිපස්සේ ඇති, පාස්කු ප්‍රහාරය වගේම. කන්න බොන්නවත් නැති සාමාන්‍ය ජනතාවට මේවට වෙලාවක් නෑ

:       0       0

ලුම්බිණි Tuesday, 14 June 2022 12:53 PM

මේ වෙලාවේ වැඩකට නැති ප්‍රශ්න ඇති කර ගන්න එපා. අධිකරණ නියෝගයක් තියෙනවා නම් ඒකට අනුව වැඩ කරන්න.

:       15       3

සුජිත් පල්ලේවත්ත Tuesday, 14 June 2022 12:56 PM

කෝ මේ රටට ආදරෙයි කියාගෙන කෑ මොරදෙන අරගල කාරයින් ටික?

:       0       20

sharm warn Wednesday, 15 June 2022 10:43 AM

කෝ මේ රට බේරගන්න තියෙන අවසන් අවස්තාව කියල උඩ දගෙන චන්‌‌දෙ දුන්න හැට නම ලක්ශයක් බයියො? දැන් මොකද කියන්නෙ? අඩු ගානෙ ධාතු තැන්පත් කරන්න වත් බැරි තැනට " රට බෙරල " තියෙන්නෙ කියල කිරිබත් කනව?

:       16       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 184 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 885 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 505 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


ගල්ගමුවේ වැවක ගිලි දැරියන් දෙදෙනකු මරුට
2025 මැයි මස 13 1286 0

ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.


ත්‍රිරෝද රථ ගැටී හයක් රෝහලට
2025 මැයි මස 13 586 1

පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්


ජපානය කනස්සල්ලෙන්
2025 මැයි මස 13 3220 8

ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1291 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1539 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site