IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කරුණාගේ සහාය රනිල්ට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළකරන බව දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගර් මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ පානදුර තල්පිටිය එක්සත් ජාතික පක්ෂ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වෙමිනි.

තවදුරටත් අදහස් දැක්වූ කරුණා අම්මාන් මහතා මෙසේ දේ පැවසීය.

අපි අපේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අගය කළ යුතුයි.ඔහුට විතරයි රට ආපසු ගොඩනඟන්න පුළුවන්. හැමෝම අතීතය දන්නවා. හිටපු ජනාධිපතිවරයා සෑම ක්ෂේත්‍රයක්ම විනාශ කළා.

හැබැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වැඩ භාර ගත්තට පස්සේ තමයි අපි හොඳ තත්ත්වයකට ඇවිත් ඉන්නේ. විශේෂයෙන්ම උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාව ඔහුට ඡන්දය ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ඒක ගැන කිසිම ගැටළුවක් නැහැ.සියලුම ජනතාව ජනාධිපතිවරයාට සහාය ලබා දෙන්න සූදානමින් ඉන්නවා .ඒකයි මමත් ඔහුට සහයෝගය දක්වන්නේ අපේ පක්ෂයත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබා දෙනවා

 



අදහස් (11)

කරුණාගේ සහාය රනිල්ට

charun Wednesday, 19 June 2024 09:49 PM

තමන්ගේ නරක කලදසාව ආවම තමන් ගන්නෙම වැරදි තීන්දු කියලා තමන්ම දන්නේ නැහැ, නොවැම්බර් මාසෙන් පස්සේ තමන්ටම තේරෙයි තමන් ගත්ත වැරදි තීන්දුව

:       2       5

Prabha Wednesday, 19 June 2024 10:29 PM

ඔව් ඔව් අපිට අතීතය හොඳට මතකයි.අපෙන් 99 බේරිලා ගිය එක ගැන අදටත් දුක් වෙනවා

:       1       9

Achini Thursday, 20 June 2024 12:10 AM

අඩේ බලන් කෝ ඒකෙත් හැටි.හොරුන්ටම ගිය රටක් නේ

:       2       8

Manjula Bandara Thursday, 20 June 2024 12:18 AM

මහනායක උන්නාන්සේලා මැරිලද. මේ වගේ භික්සූ ඝාතකයෙක්ට එරෙහිව අධිකරණයට යන්න පණ නැද්ද....ඔය මහනායක කම් හොදයි ....

:       3       11

කුකුල් චමින්ද Thursday, 20 June 2024 01:11 AM

අරන්තලාවේ භික්ෂු ඝාතනය, නිරායුධ පොලිස් භටයින් 600ක් ඝාතනය වැනි ත්‍රස්තවාදී ක්‍රියාන්විත්වලට නායකත්වය දුන්, කව්රුත් හොඳින් දන්නා කරුණා අම්මාන් SLFP එකේ උප සභාපතිවෙලා, නියෝජ්‍ය ඇමතිකමකුත් දැරුවා. එතකොට මොකක්ද ජෙප්පන්ට ප්‍රජාතන්ත්‍ර වෙලා සාධාරණ සහ නීත්‍යනුකුලව රාජ්‍ය පාලනය කරන්න තියෙන බාදාව ???

:       3       11

chandima Thursday, 20 June 2024 01:18 AM

එහෙනම් රනිල් තුනෙන් දෙකක් ගනීවි නේද ?

:       3       7

Dayan Thursday, 20 June 2024 08:50 AM

යහපත. වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ සහය රනිල් වික්‍රමසිංහටත්.

:       1       11

සුපුන් චාමර Thursday, 20 June 2024 09:01 AM

මුගේ අතින් අපේ සිංහල කොල්ලො කී දෙනෙක් මරල ඇතිද. හරිම හරි ආණ්ඩුවක් ආපු දවසට මෙයාලාට නිසි දඩුවම් ලැබිය යුතුමයි.

:       0       12

Perera Thursday, 20 June 2024 09:55 AM

දළඳා මාලිගාවට බෝම්බ ගහන්න සලස්වපු එකා.පොලිසියේ 600 ක් මරවපු එකා.කෝ මේ රටේ මිනිස්සු බුදිද ?

:       1       14

Chandima Thursday, 20 June 2024 11:28 AM

කරන්න දෙයක් නැ පව් මිනිහෙකුගේ නරක කාලේ උදා වුණාම නරක යාලුවෝ එකතු වෙනවා

:       0       7

පිටරැටියා Friday, 21 June 2024 12:38 AM

මිනීමරු මස්වැද්දෙක්, මහින්දගේ කාලේ හොර පාස්පෝට් එකක් හදලා දීලා එන්ගලන්තයට ආවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 526 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site