(රෝෂන් තුෂාර)
ජනතා මුදල් රුපියල් කෝටි දාහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන කුරුණෑගල "රයිඩ් ටූ ත්‍රී ෆ්‍රීඩම්" (Ride to Three Freedom) නොහොත් R3F පිරමීඩාකාර සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද(22) නියෝග කළේය.
"R3F"සමාගමේ මෘදුකාංගය (ඇප් එක) නිර්මාණය කළ ඉරුගල් බණ්ඩාර,නාගොල්ලාගම පදිංචි සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ මධුසංක අත්තනායක,වෙළඳ කළමනාකාර අයි.එම්. අජන්ත,අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වන හෝමාගම නිමලරත්න ජයසිංහ,කුලියාපිටියේ ඩී.පී රෝහිනි ,හා ඩබ්ලිව් එම් නිමල් ශාන්ත සැකකරුවන්ට මෙම විදෙස් ගමන් තහනම නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඔවුන්ගේ දුරකථන දත්ත වාර්තා වහාම කැඳවන ලෙසට පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට නියෝග කරමින් දන්වා සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයසුන්දර මහතා ඇතුළු විමර්ශන නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුරුණෑගල පිරමිඩ වංචාකාරයන්ට රටයාම තහනම් කරයි