IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ක්‍රීඩා ලේකම්ගෙන් අභියාචනාධිකරණයට ප්‍රකාශයක්

(රන්ජන් කටුගම්පොළ)

විදෙස් වලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදල් වියදම් වන ආකාරය පිළිබඳ රජයේ විගණනයට භාජනය විය යුතු බවත් එම මුදල් හිතු මනාපයට වියදම් නොකර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් වියදම් කළ යුතු බවත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක මහතා මේ බව දැනුම් දුන්නේ ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහි පෙත්සම සළකා බැලූ අවස්ථාවේදීය.

මෙම පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී.එන් සමරකෝන් යන අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ ප්‍රධානත්වයෙන් සළකා බැලින.

ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා මෙසේ පැවැසුවේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවතීම රඳා පවතින්නේ එහි ලියාපදිංචිය අනුවය.ඒ අනුව එයට රජයේ පිළිගැනීමක් ලැබුණා.ඒ අනුව තමයි විගණකාධිපති විගණන කටයුතු ආරම්භ කළේ.මෙම ආයතනයට එන මුදල් පිළිබඳ විනිවිදභාවයක් තිබිය යුතුයි.විගණනයේ අරමුණ විය යුත්තේ එයයි. විදෙස් රටවලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදල් ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා යෙදිය යුතුයි.විදෙස් රටවලින් ලැබෙන මුදල් පිළිබඳ විනිවිදභාවයකින් සහ වගවීමකින් යුක්ත විය යුතුයි. විගණකාධිපතිවරයා ඊට මැදහත් වන්නේ ඒ සඳහායි.මෙහිදී විගණන වාර්තා 2 ක් ඉදිරිපත් වී තිබෙනවා.ඒවායින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ සිදු වූ ඇති මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ අනාවරණය වුණා.

පොළොන්නරු ප්‍රදේශයේ ආරම්භ කළ ක්‍රිකට් ක්‍රීඩාංගණය මිලියන ගණනක් වියදම් කර ආරම්භ කලත් එම ව්‍යාපෘතිය සම්පූර්ණ කර නැහැ.තවද වසර ගණනාවක් නිලවරණය නොපැවැත්වූ දකුණු පළාත් ක්‍රීඩා සමාජයටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 84 ක් ලබා දී තිබෙනවා.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රජයට වගවිය යුතුයි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය ලබාදී ඇත. අනිත් අතට රජයේ විගණනය සිදු කිරීමේදී විගණන පනත අනුව අදාල ලියකියවිලි ලබා දීමට අදාල ආයතනය බැඳී සිටිනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහිදී එම ලියකියවිලි නිසි ආකාරව ලබා නොදීමෙන් වරදක් සිදු කර තිබෙනවා. ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊට නඩු පැවරිය යුතුයි.ඉතා වැදගත් ලියකියවිලි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අස්ථාන ගත කරලා අනිත් අතට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අධිකරණ විගණන වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ අත්‍යාවශ්‍ය කරුණු වසන් කර ගෙන.

පෙත්සම්කරු අධිකරණයට පැමිණ අදාල විගණන වාර්තාව බොරු බව ඔප්පු කර එය බලරහිත කරගත යුතුයි.නමුත් ඔහු එසේ නොකර ක්‍රීඩා අමාත්‍යවරයා සහ අතුරු කමිටුවට එරෙහිව අධිකරණයට පැමිණීමෙන් ඵලක් නැහැ.ඒ අනුව මෙම පෙත්සම විභාගයට නොගෙන ඉවත දැමිය යුතුයි.



අදහස් (2)

ක්‍රීඩා ලේකම්ගෙන් අභියාචනාධිකරණයට ප්‍රකාශයක්

අරවින්ද මොනරවිල Thursday, 23 November 2023 06:18 PM

ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා උසාවියට නිවැරදිව හා පැහැදිලිව කරුණු ඉදිරිපත් කර ඇති නිසා, ෂම්මි ඔයා ලැහැස්ති වෙන්න පැදුරු, කොට්ට අකුලාගෙන ගෙදර යන්න...!

:       0       22

මමයි මොට්ටපාල දොට්ට දැමීම පාසලෙන් Friday, 24 November 2023 06:56 AM

මේ ප්‍රශ්නය දෙස විමසිල්ලෙන් බැලුවොත් මේක ඔය සභාපති නාකි ලෙජන්ඩ් කියන 1963.12.01 ඉපදුන ආනන්ද විද්‍යාලයේ කියන්නාට වයසින් බාල ආදි සිසුවාත් 1960.08.07 ඉපදුන නාලන්ද විද්‍යාලයේ වයසින් වැඩි සිසු ඔය සභාපති දෙදෙනා අතර ප්‍රශ්නයක් නොවෙයි විද්‍යාල දෙකේ ගැටුමක් වගේ පේනවා මේක හරියට දේශපාලුවො තමන්ගෙ ප්‍රදේශය පමණක් සංවර්ධනය කරනවා වගේ තමන්ගෙ රටට හෙන ගැහුවත් ඒගැන ගැන නොසිතා පාසලට කත් ඇදීමක් වගෙයි පිටතින් සිටින අපිට පේන්නෙ. දේශපාලන උදාහරණය ගැන කියද්දී මයින්ද ජනාධිපති හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධනය කල අතර මයිත්‍රීපාල පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධනය කලා වගේ තමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site