IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ක්‍රීඩාවට කෝටි 400ක් ඉබාගාතේ වැය කරලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රීඩා සංවර්ධන ව්‍යාපෘති සඳහා  රුපියල් කෝටි 400 කට වැඩි මුදලක් වියදම් කර ඇතත් ඒ  කිසිදු ව්‍යාපෘතියක් වෙනුවෙන්  ශක්‍යතා අධ්‍යනයක් කර නැතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා)   තොරතුරු අනාවරණය විය.

ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් මුදල් යෙදවීම සහ ඒ සම්බන්ධයෙන් වන කාර්ය සාධනය පිළිබඳව කමිටුවේ අවධානය යොමුවිය.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති අර්ජුන රණතුංග මහතා පැවසුවේ සුසන්තිකා ජයසිංහ මහත්මිය මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සකස් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට කටයුතු කෙරෙමින් පවතින බවයි.

දක්ෂතා සහිත ක්‍රීඩකයන් පස්දෙනකු සකස් කිරීම වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කරන බවද  ඔහු සඳහන් කළේය.

දිස්ත්‍රික් මට්ටමෙන් ක්‍රීඩාවේ දියුණුව සම්බන්ධයෙන් කෙරෙන ඉදිකිරීම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2020 සහ  2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී  පසුගිය 20 වැනිදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදී ය.

කමිටුවේ  ඉල්ලීම පරිදි ක්‍රීඩා සංවර්ධන සැලැස්ම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කමිටුවට මෙහිදී ඉදිරිපත් කරන ලදී.

මෙම කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක අබේසිංහ නිරෝෂන් පෙරේරා,වීරසුමන වීරසිංහ සහ සහන් ප්‍රදීප් විතාන යන මහත්වරුද සහභාගි වූහ.



අදහස් (1)

ක්‍රීඩාවට කෝටි 400ක් ඉබාගාතේ වැය කරලා

Chamila Fernando Sunday, 05 November 2023 08:13 PM

ළමයින්ට දුවන්න සපත්තු දෙකක් අරන් දෙන්නේ නැති කාලකණ්ණි, කෝටි ගණන් සල්ලි නාස්ති කරලා... මොවුන්ට අනිවාර්යයෙන් දඬුවම් දිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 106 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site