IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


කෝර්ඩීලියා සුඛෝපභෝගී මගී නෞකා 13ක් හම්බන්තොටවරායට

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සහ කොර්ඩීලියා කෲස් ලයින්ස් සමාගමේ මෙරට නියෝජිත හේලීස් සමාගම අතර ඇති සහයෝගයේ ප්‍රතිඑලයක් ලෙස, මේ වසරේ ජුනි සහ සැප්තැම්බර් දක්වා කාලය තුළ සුඛෝපභෝගී මගී නෞකා 13ක් වරාය වෙත පැමිණීමට නියමිතය.

ඉන්දියානු සංචාරකයන්ට ආකර්ෂණීය නිවාඩු පැකේජ පිරිනමන කෝර්ඩීලීයා කෲස් සමාගමට අයත් Empressනෞකාව, හම්බන්තොට වරාය වෙත සිදු කළ මංගල චාරිකාවත් සමග ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යාත්‍රා ඇරඹිණි. මගීන් 745ක් රැගත් නෞකාව දිවයිනේ තවත් ප්‍රධාන වරායන් 3ක ගොඩබසිනු ඇත.

“සුඛෝපභෝගී මගී නෞකාවල සිට අර්ධ සුඛෝපභෝගී සහ සාමාන්‍ය මගී නෞකා දක්වා ඕනෑම නෞකාවක් සඳහා හම්බන්තොට වරායට හට සේවා සැපයිය හැකිය. මීටර් 17ක ගැඹුරක් සහිත එම වරායෙහි ඕනෑම නෞකාවකට නැංගුරම් ලෑ හැකි අතර නවීන වරායක් ලෙස, නැව්, කාර්ය මණ්ඩලය සහ මගීන්ගේ අවශ්‍යතා සැපිරීමට  මෙන්ම  ආගමන, විගමන, රේගු සේවා ලබා දීමට අප සූදානම්ව සිටිනවා. හේලීස් සමාගම සමඟ ඇති මෙම සම්බන්ධතාව, සංචාරක නැව් ගමනාන්තයක් ලෙස හම්බන්තොට වරාය ප්‍රවර්ධනය කිරීමේ තවත් පියවරක් ලෙසයි අපි දකින්නේ. අප වරාය කාර්ය බහුල අග නගරයෙන් බැහැරව හරිත පරිසරයක පිහිටීම අමතර ආකර්ෂණයක් වනවා මෙන්ම, ප්‍රධාන නාවික මාර්ගවලට  සමීපව පිහිටීම ඉන්දියන් සාගරයේ ගමන් කරන ඕනෑම නෞකාවකට පහසුවකි.  ලෝකයේ සුඛෝපභෝගී සංචාරක  නැව් වරාය 2000කට අධික ගණනක් තිබෙන අතර, නවීන පහසුකම් වලින් යුත් අභිනව වරායක් වන හම්බන්තොට මෙම  වරායන් අතරට එක් වීමට  කදිම සුදුස්සෙක්. වරායේ සිට ඉතා කෙටි දුරකින් සංචාරක ගමනාන්ත කිහිපයක් පිහිටා තිබීම අමතර වාසියක්,” යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා පවසයි.

595



අදහස් (0)

කෝර්ඩීලියා සුඛෝපභෝගී මගී නෞකා 13ක් හම්බන්තොටවරායට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 331 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site