IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ක්‍රිකට් ලොක්කෝ කෝප් කමිටුව හමුවට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු විමසීම  සඳහා එහි ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) හමුවට ලබන 14 වැනිදා අඟහරුවාදා සවස  2.00 ට කැඳවනු ලැබ සිටිති.

එහිදී එම දූෂණ වංචා  සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි එම කමිටුව පවසයි.

ශ්‍රී ලංකන් ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ගැටලුවක් පවතීනම් ඒ පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට යොමු කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට  පාර්ලිමේන්තුවේ දී අද (10)දැනුම් දුන්නේය.

මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශය අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීම අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා  පැවැත්වුණද ඊට  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් සහභාගී වූයේ නැත.

මේ පිළිබඳව  ක්‍රිකට් ආයතන බලධාරීන් පාර්ලිමේන්තුවේදී ඊයේ  විවේචනය  කෙරිණ.



අදහස් (4)

ක්‍රිකට් ලොක්කෝ කෝප් කමිටුව හමුවට

KAMBA HORA Friday, 10 November 2023 06:44 PM

අස්සයා ගියාට පස්සේ ඉස්තාලය වහනවා. මේ මොන බොරුද කරන්නේ? මෙච්චර කල් කාල් ගාලා, ඊයේ කෝප් එකේ හෙළුව පෙන්නුවා ම දනිපනි ගාලා වැඩ... මොන ඔට්ටුද ඔවුන් එන්නේ නෑ. කෝප් කාරයෝ පෙනුමට එන්න කියනවා විතරයි. කීයක් හරි හොයාගන්න හදන්නේ...!

:       1       8

අරවින්ද මොනරවිල Friday, 10 November 2023 06:46 PM

රහස් පොලිසිය වැඩේට අතගහන්නේ නැති, නීතිපති අතගහන්නේ නැති, විගකාධිපති අත ගහන්නේ නැති සර්වබලධාරී ක්‍රිකට් බුදින මණ්ඩලය කෝප් එක ඉස්සරහ දෙකට නැමෙන හැටි අපිට බලාගන්න පුළුවන්... එහෙම නම් දාහතර වෙනිදාට...!

:       0       12

Pinjana Friday, 10 November 2023 07:20 PM

ශම්මි යා පහුගිය කාලේ කීවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ පෞද්ගලික ආයතනයක්, ඒ නිසා කෝප් කමිටුවට එන්නේ නෑ කියලා. කෝප් එකත් කටයි, පස්සයි වහගෙන හිටියා... දුන්නු ගතමනාව අරගෙන .. මේ පාර ආවොත්, එන්නේ කට්ටිය එකතුවෙලා බයිලා එකක් ගහන්න...

:       1       11

Bamunuarachchi Saturday, 11 November 2023 12:09 AM

කෝප් කමිටුවේදී සිදුවන දේ ජනතාවට දැනගැනීමට ඒ කථාබහ ප්‍රචාරය කරන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 5 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site