IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ක්‍රිකට් ආයතනයේ නව පනත් කෙටුම්පත ජනපතිට

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පත්කළ විනිසුරු චිත්‍රසිරි කමිටුව විසින් සකස්කළ පනත් කෙටුම්පත අද (15) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දෙනු ලැබීය.

කමිටුවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා විසින් පනත් කෙටුම්පත ජනාධිපතිවරයා වෙත භාර දුන් අතර කමිටුවේ සෙසු සාමාජිකයන් ද ඊට එක්ව සිටියහ. 

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙන ගැටළු පිළිබඳ සොයා බලා ඒ පිළිබද නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් 2023.11.06 දින විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් යන අමාත්‍යවරුන්ගෙන් සමන්විතව අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කරන ලදී. එම අනුකමිටුව විසින් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියළු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් පසු සිය නිර්දේශ ඇතුළත් වාර්තාව 2024.01.08 දින අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

එම නිර්දේශ මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංයුතිය හා ව්‍යූහය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳවත්, ජාතික පිරිමි හා කාන්තා කණ්ඩායම්, 19න් පහළ හා 17න් පහළ වයස් කාණ්ඩ ඇතුළු විවිධ මට්ටම්වල ක්‍රීඩකයන්ගේ පරිපාලනය, පුහුණුව හා සමස්ත යහපැවැත්ම පිළිබඳවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තුළ විනිවිදභාවය, වෘත්තීයභාවය වගවීම ආදී යහපාලනයන් හා යහ භාවිතයන් ප්‍රවර්ධනය පි‍ළිබඳවත්, කුසලතාවය, සමානාත්මතාවය හා සාධාරණත්වය වැළඳ ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් හි පෝෂණ ව්‍යූහය එනම් පාසල්, දිස්ත්‍රික්, පළාත් හා සමාජ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳවත් යෝජනා ඉදිරිපත් කරන ලදී.



අදහස් (9)

ක්‍රිකට් ආයතනයේ නව පනත් කෙටුම්පත ජනපතිට

Kazi Shajahan Saturday, 15 June 2024 01:33 PM

රනිල්ගේ කොමිටි අපි කොහොම විශ්වාස කරන්නද?

:       13       28

de silva berlin Saturday, 15 June 2024 02:32 PM

අනේ වෙන දෙයක් ගැන කතාකරමු , ශ්‍රී ලංකා ක්‍රිකට් කිවම මතක් වෙන්නේ , ගණිකාවන් සමග මණ්ඩලේ සල්ලි වලින් පිටරට සවාරි යන නාකි සල්ලාල පාලකයන් , රට නියෝජනය කරන්න පිටරට ගිහින් අනාචාරයේ හැසිරෙන්න ගොස් අමාරුවේ වැටෙන ක්‍රීඩකයන් , උන්ව බෙර ගන්න ඩොලර් ලක්ෂ ගණන පෙරකදොරුවන්ට වියදම් කරන පාලක මණ්ඩල , විදේශ රටවල කොරෝන නීති කඩ කරමින් අනාචාරයේ හැසිරෙන ක්‍රීඩකයෝ , පගාව අරන් තරඟ පාවාදෙන පාලක මණ්ඩල සහ ක්‍රීඩකයෝ , කරුණාකර මලල ක්‍රීඩාව වැනි දෙයකට හැරෙමු , එහෙම නැතිනම් ක්‍රිකට් බලන්නම ඕනේ නම් කාන්ත ක්‍රිකට් බලමු , කෙල්ලෝ ටික පිස්සු නටන්නේ නැතුව රටේ නම්බුව සහ අභිමානය ආරක්ෂා කරමින් ක්‍රීඩා කරනවා

:       2       52

Nam Saturday, 15 June 2024 02:49 PM

දැන් මොකො, අපි බලමුකෝ කියලා... අපි හදාගන්නම්.. තොපිලා පල

:       4       31

චන්දිම Saturday, 15 June 2024 03:24 PM

ගියගිය තැන කොමිටි කොමිටි. රනිල් වික්‍රමසිංහයි කොමිටි මිටියයි කිව්වාලු...

:       0       4

B Amarasinghe Sunday, 16 June 2024 03:27 AM

ඔය වාර්ථාවේ තියන කරුණු රට දැනගෙන ගොඩක් කල්. දැන්ද ජනාධිපතිට දෙන්නේ? දැන් නම් ශම්මිලාව බේරාගන්න ගොඩක් අමාරුයි වගේ

:       0       4

kotiya Sunday, 16 June 2024 03:34 AM

ක්‍රිකට් කමිටුවට කෝපා එක එන්න කිව්වාම එන්න බෑලු ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ පුද්ගලික ආයතනයක් නිසා. හැබැ‍යි ක්‍රිකට් මණ්ඩලේට ව්‍යවස්ථාව හදන්නේ රජයෙන්. මොන විහිළුද මේවා....

:       0       4

Perera Sunday, 16 June 2024 12:55 PM

දැන් ඉතින් ගහන ගහන මැච් එක දිනාවි නේද?

:       0       2

Suresh Namal Sunday, 16 June 2024 02:05 PM

ජනාධිපතිතුමනි, දැන්වත් තමන් ගැන නොසිතා රට ගැන සිතා මේ වර්තාවල් ක්‍රියාත්මක කරන්න

:       0       2

de silva Sunday, 16 June 2024 04:15 PM

පාලක මණ්ඩලේ දැන් ඉඳන්ම අස්වෙලා වෙන අතක් බලාගන්න එක නුවණට හුරුයි. ගියසැරේ ජනතාව මණ්ඩලේ වට කළ වෙලේ අර ලොක්කගේ හෙංචයියන් මැදිහත් වෙලා පොලිසිය දමලා මණ්ඩලේ ආරක්ෂා කරගත්තා.. තව මාස 3කින් ඡන්දය තියන්න වෙනවා. තිබ්බ ගමන් ලොක්කා ගෙදර සහ ගල්කරයට ඇඩ්රස් නැතිවෙනවා. ඊට පස්සේ ජනතාව කොළඹ ආවොත් අම්බානකට ගුටිකන්න වෙනවා..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 522 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site