IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ක්‍රිකට් අතුරු කමිටු නඩුවෙන් නිශ්ශංක බන්දුල ඉවත්‌ වෙයි

(රන්ජන් කටුගම්පොළ)

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉවත්වන බව දැනුම් දුන්නේය.

තමන් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහ අනිකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කර ඇති පදනම් විරහිත ප්‍රකාශය හේතුවෙන් තමන් මෙසේ නඩු විභාගය ඉවත් වන බව ද සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය

ඉන් අනතුරුව මෙම රිට් පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල වෙත යොමු කෙරිණි.

අභියාචනාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ද ඉවත් වන බව දැනුම්දීම හේතුවෙන් නව විනිසුරු මඩුල්ලක් නම් කිරීම සඳහා අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත රිට් පෙත්සම යළිත් යොමු කෙරිණි.

ඒ අනුව මෙම රීට් පෙත්සම ඩී.එන් සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම මස 16 වැනි දින කැඳවන ලෙසද නියෝග කෙරිණි.



අදහස් (4)

ක්‍රිකට් අතුරු කමිටු නඩුවෙන් නිශ්ශංක බන්දුල ඉවත්‌ වෙයි

Bamunuarachchi Tuesday, 14 November 2023 08:24 PM

දැන් අපිට යමක් හිතාගන්න පුළුවන් නේද? අබ කෑ මිනිහාගෙලු උගුර දන්නේ කියලා අපේ පැරණි උපහැරණයක් තිබෙනවා වගේ මතකයි.

:       1       2

Bamunuarachchi Tuesday, 14 November 2023 08:31 PM

ගැලපෙන උපහැරණයක් තෝරා ලකුණු තමන්ම දා ගන්න. 1. හොරාට කලින් කෙහෙල්කන වැට පැනීම 2. පුහුල් හොරා කරෙන් දැනෙයි. 3. අබ කෑ මිනිහාගෙයි උගුර දන්නේ.

:       1       2

Sam Gamage Wednesday, 15 November 2023 03:00 AM

හොඳ ගානකට විකිණිලා වගෙයි නීතියේ දෙවඟන දූෂණය වෙලා

:       0       2

Rata Perata Wednesday, 15 November 2023 01:11 PM

මේ නඩුවෙන් විතරක් නෙමෙයි වෙන රටක නම් මේ වගේ අය අධිකරණ සේවයෙන් නෙරපලා ඉවරයි .මේ වගේ මිනිස්සුන්ට නඩුකාරයෝ කියන්න ? හොඳ ජාතකයක් තිබුනානම් මේ ඉල්ලා අස්වෙන්න ඕන

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site