IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කිඹුලාගේ බලු සෙනෙහස

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කිඹුලන් බහුලව සිටින ගඟකට පැන්න දඩාවතේ යන බල්ලකුගේ ජීවිතය එම ගඟේ සිටි කිඹුලන් දෙදෙනකු බේරා ඇතැයි සී.බී.එස් පුවත් සේවය වාර්තා කර ඇත.

හඹා ආ බලු රංචුවෙන් බේරීම සඳහා එම දඩාවතේ යන බලු තඩියා ප්‍රදේශයේ තිබෙන කිඹුලන් බහුල සාවිත්‍රි ගංගාවට පැන තිබේ. එහිදී කිඹුලන් තුන්දෙනකු බලු තඩියාව වටකරගත් බවත් එම මොහොත බල්ලාගේ ජිවිතයේ අවසන් මොහොත යැයි සෑම දෙනාම විශ්වාස කළ බවත් වසර ගණනක සිට කිඹුලන් අධ්‍යනය කරනු ලබන විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇත.

නමුත් බලු තඩියාට ළං වූ කිඹුලන් තිදෙනාගෙන් දෙදනකු කළ දෙය කිසිවකුටත් අදහාගත නොහැකි වූ බවත් කිඹුලන් දෙදෙනා බලු තඩියාව ආහාරයට ගන්නවා වෙනුවට කිඹුලන් දෙදෙනාගේ නාසයෙන් බලු තඩියාව ආරක්ෂිතව ගං ඉවුර වෙත තල්ලු කර ගෙන ගොස් ගොඩ කළ බවත් විද්‍යාඥයන් පවසා තිබේ.

එම කිඹුලන් දෙදෙනා බලු රංචුව නොමැති ස්ථානයකින් බලු තඩියාව ගොඩ කර තිබීම තවත් විශේෂත්වයක් බවත් කිඹුලන්ටද අනුකම්පාවක් තිබෙන බව පෙන්වීමට මෙය කදිම උදාහරණයක් බවත් විද්‍යාඥයන් පෙන්වා දී ඇත.එසේ වුවත් කිඹුලන් දෙදෙනා බලු තඩියාව ආහාරයට නොගැනීම බොහෝ විද්‍යාඥයන්ට ප්‍රශ්නාර්ථයක් වී තිබේ.

මෙම සිදුවීම පිළිබඳ ලිපියක් ත්‍රෙට්න් ටැක්සා සඟරාවේ පළවී ඇත.



අදහස් (8)

කිඹුලාගේ බලු සෙනෙහස

චමින්ද Sunday, 01 October 2023 08:58 AM

මිනිසුන්ට වඩා හැඟීම්දැ, දැනීම් තියෙනවා. ඒ බල්ලා මරණ බයෙන් ඉන්නවා කියලා කිඹුල්ලු තේරුම් ගන්න ඇති. සාමාන්‍යයෙන් කිඹුල්ලු ආහාරයක් ගන්නෙ ක්ෂණිකව කඩාපැනලා මිස ළගට වැටුණු දෙයක් නොවෙයි නේද? ඒකත් මෙයට බලපාන්න ඇති... මිනිස්සු නම් ළඟින්ම සිට මුදල්වාසි තකා හොඳම මිතුරාගේ වුණත් බෙල්ල කපනවා.

:       2       34

ලසන්ත Sunday, 01 October 2023 09:49 AM

තමන්ටම දෂ්ට කරගන්ට නාගයා සිටි මල්ලට අතදැමූ හාමුදුරුවන්ව මතක් වුණා. කර්මය, කර්ම ඵල අචින්ත්‍යයි.

:       0       20

Imbuldeniya. Sunday, 01 October 2023 11:00 AM

මිනිසුන් අතරේ නොමැති සෙනෙහස සතුන් ළඟ තිබීම සතුටක්...!

:       2       20

Dilu Sunday, 01 October 2023 05:14 PM

කිඹුලන් ඒ වෙලාවේ, මොනවා හරි ගොදුරු කරගෙන බඩ පුරවාගෙන ඉන්න ඇති, ඉතින් ඒ වෙලාවේ ඒ ගොදුර එයාලාට අවශ්‍ය නැහැ. අනික කිඹුලන්ගේ තරම දැනගෙන එයාලා ළඟටම ගොදුරක් ආවහම, කිඹුලන්ටත් කුතුහලයක් දැනෙන්න ඇති, කිඹුලන් ගොදුරු හොයන් යනවා මිසක් ගොදුරු, කිඹුලන් හොයාගෙන එන්නේ නැතිනිසා, ඒ නිසා බල්ලා බේරුණා...

:       1       16

Ruwan RWednesday, 18 October 2023 11:14 AM

මනුස්සයෙක් පැන්න නම්.. ඩිලු කියන විදිහටම කරවි..

:       0       0

Anonymous Sunday, 01 October 2023 07:51 PM

පෙර ආත්මගත බැඳීමක් නිසා සිදුවුණු දෙයක්...!

:       2       7

Bunny Preena Monday, 02 October 2023 11:44 AM

හොඳ සිල්වත් ගතිගුණ ඇති කිඹුලන් තිදෙනෙක්... බල්ලත් හොඳ ගතිගුණ තියෙන කෙනෙක් වෙන්න ඕනේ...

:       0       9

ප්‍රියන්ත බංඩාර Monday, 02 October 2023 01:10 PM

කිඹුල්ලු, ගංජා ගහලා ඉඳලා තියෙන්නේ..

:       4       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site