(සුජිත් හේවාජුලිගේ )
ආහාර ද්‍රව්‍යවල මිල ජනතාවට දරාගත නොහැකි මට්ටමට සියයට 128 කින් ඉහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව උද්ධමනය සම්බන්ධයෙන් නිකුත් කළ අලුත්ම වාර්තාවල සඳහන් වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවැසීය.
ආහාර නොවන කාණ්ඩයේ භාණ්ඩවල මිල මට්ටම සියයට 87 කින් ඉහළ ගොස් ඇතැයි පැවසූ මහාචාර්යවරයා පරිභෝජන භාණ්ඩ හා සේවාවල මිල මට්ටමේ සාමාන්‍ය වැඩිවීම සියයට එකසිය තුනක් බවද ප්‍රකාශ කළේය.
කොළඹ නාගරික සීමාවේ ආහාර ද්‍රව්‍යවල මිල සියයට 136කින් වැඩිවී ඇතැයි සංඛ්‍යා ලේඛනවල දැක්වෙන බවත් ජනතාවගේ ආදායම්වල මූර්ත වටිනාකම පහළ යෑම සහ රජයේ සහ පෞද්ගලික අංශවල සේවකයන්ගේ වැටුප් 2019 න් පසු වැඩි නොවීම යනාදී කරුණු හේතුවෙන් ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය( ක්‍රය ශක්තිය) විශාල වශයෙන් පහත බැස ඇති බවත් වසන්ත අතුකෝරළ මහතා කීවේය.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
239
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1030
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෑම බීම මිල සීඝ්‍රයෙන් ඉහළට
C.K.Lanaputhra Saturday, 05 August 2023 08:02 PM
ඒ තමයි අර ගොන් වහන්සේලා කිරිබත් උයලා කාපු IMF සුදිය. වෙනත් වචනයෙන් කියනවා නම් අපායේ ඉන්ටවල් එක ඉවරවෙලා යම පල්ලෝ වැඩ ආරම්භ කරන හැටි...!
Chami Sunday, 06 August 2023 01:48 AM
එතකොට උද්ධමනය බැහැලා කියලා ජනතාව අඩුවෙන්නේ ඇයි?
පිංජනා Sunday, 06 August 2023 09:04 AM
ඒ වුණාට උද්ධමනය පහළ ගිහින්ලු නේ 11.5% කින්ම. ඉතින් මිනිස්සුන්ට උද්ධමනය ආහාරයට ගතහැකියිනේ. මෝඩ මිනිස්සු...!