IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කමිටු කාමරවලට පිට අය තහනම්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් පැවැත්වෙන අවස්ථාවන්හිදී කිසිදු  බාහිර පුද්ගලයකුට කාරක සභාව කාමරවලට  කතානායකවරයාගේ  කිසිදු අවසරයක් නොමැතිව පැමිණීම  වහාම ක්‍රියාත්මක වන පරිදි  තහනම් කරනු ලැබ ඇත.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද (20)  විශේෂ නිවේදනයක් කළ  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ  පාර්ලි‍මේන්තුවේ  කාරක සභා රැස්වීම්වලට සහභාගී විය හැක්කේ  සාමාජික මන්ත්‍රීවරුන්ට    හෝ සභාපතිවරයාගේ විධිමත් අවසරය මත පැමිණෙන සාමාජික මන්ත්‍රී නොවන මන්ත්‍රීවරුන්ට  කාරක සභාවන්හි  වැඩකටයුතු සඳහා කැඳවීම් කරන  වෙනත් බාහිර ආයතනවල නිලධාරීන්ට සහ   කාරක සභාවන්හි  කටයුතු ඉටු කරන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරී මහත්ම මහත්මීන්ට  පමණක් බවයි.

මීට අමතරව, කාරක සභා  ඇතැම්  සභාපතිවරුන්  තමන්ගේ විෂය සීමාව ඉක්මවා කාරක සභාවේ වැඩකටයුතු කිරීමේ ප්‍රවණතා  පිළිබදව තමාට  විවිධ අවස්ථාවලදී කරුණු වාර්තාවී ඇති බවත්  පාර්ලිමේන්තුවේ චිරාත් කාලයක් පුරාවට පැවති සම්ප්‍රදායන් සහ පරිචයන් ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීමට සියලුම කාරක සභා සභාපතිවරුන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග විධිවිධාන ප්‍රකාරව, බැඳී සිටින බවත් කතානායකවරයා සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී  විශේෂ නිවේදනයක් ඉදිරිපත් කරමිනි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙසේද පැවසීය.

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ට අමතරව කාරක සභා සභාපතිවරුන්   කාරක සභාවේ වැඩ කටයුතු කිරීමේදී සම්බන්ධීකරණය සහ උපදේශක කාර්යයන් සඳහා කිසියම් බාහිර පුද්ගලයකුගේ සේවය ස්වේච්ඡාවෙන් හෝ වෙනත් ආකාරයකින් ලබාගැනීම‍ට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා කතානායකවරයාගේ පූර්ව ලිඛිත අවසරය ලබාගත යුතුයි.

තවද, කාරක සභාවක වැඩකටයුතු කරගෙන යාමේදී විවිධ අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තුවල, ව්‍යවස්ථාපිත හෝ ව්‍යවස්ථාපිත නොවන ආයතනවල රජයේ නිලධාරීන් කැඳවීමේදී ඔවුන් අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් කාරක සභාවේ වැඩකටයුතු කිරීමටත්, පාර්ලිමේන්තුවේ ගෞරවයට, අභිමානයට හානියක් නොවන ආකාරයෙන් සමබරව කාරක සභාව විසින් අනුමත කරන ලද කාරණා සම්බන්ධයෙන් පමණක් මාධ්‍ය නිවේදන නිකුත් කිරීමටත්, ලිපි ගනුදෙනු කිරීමේදී අදාළ කාරක සභා නාමය සහිත නිල ලිපි ශීර්ෂ අදාළ කාරක සභාව විසින් අනුමත කරන ලද කාරණා සන්නිවේදනය කිරීම සඳහා පමණක් භාවිතා කිරීමටත්, එම කාරක සභා නිල ලිපි ශීර්ෂ කිසිම ‍අවස්ථාවකදී පෞද්ගලික හෝ දේශපාලනික කාර්යයන් වෙනුවෙන් භාවිතා කිරීම නොකළ යුතු බවටත්, එලෙසම, කාරක සභා වැඩකටයුතු සම්බන්ධයෙන් වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදීද මෙතෙක් අනුගමනය කරනු ලැබූ ක්‍රමවේදයන්ට අනුකූලව පමණක් කටයුතු කිරීමටත්, සියලුම කාරක සභා සභාපතිවරුන් වගබලා ගතයුතුයි.



අදහස් (1)

කමිටු කාමරවලට පිට අය තහනම්

ravin Monday, 20 November 2023 01:20 PM

ආ...! එතකොට අර ඉබේම 8 පාස් ඇමැතියා කිව්වේ ස්ථාවර නියෝග වලට අනුකූලවයි. කට්ටිය ඇතුළට ගියේ කියලා... අපොයි අමතක වුණා... අටවත් පාස් නැති හින්දා කියවන්න ලියන්න අමාරු ඇති නේද?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 26 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 874 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2507 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site