IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කොමර්ෂල් බැංකුව සහ හරිත ගොඩනැගිලි කවුන්සලය ගිවිසුමක

ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී ගොඩනැගිලි ඉදිකිරීම ප්‍රවර්ධනය කිරීමට එක්ව කටයුතු කිරීම සඳහා අවශ්‍ය රාමුව සකස් කරමින් කොමර්ෂල් බැංකුව, හරිත ගොඩනැගිලි කවුන්සලය සමඟ සංධිස්ථානගත ගිවිසුමකට පැමිණ ඇත.

දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමට අනුව කාබන්-උදාසීන හා පාරිසරික වශයෙන් තිරසාර වූ ආර්ථික සංවර්ධනයක් කරා ළඟා වීමට අවශ්‍ය පසුබිම සකස් කරමින් බැංකුව මගින් සිදුකරන තිරසාර මූල්‍ය නිෂ්පාදන එළිදැක්වීම් හා සම්බන්ධ කටයුතුවලදී බැංකුව සහ කවුන්සලය සහයෝගයෙන් කටයුතු කිරීමට බැඳී සිටී.

සම්පත් කාර්යක්ෂමතාව හා සෞඛ්‍ය සම්පන්න පරිසර පද්ධති සඳහා ප්‍රමුඛත්වය දෙන, චක්‍රීය ආර්ථිකය ප්‍රවර්ධනය කරන සහ ශ්‍රී ලංකාවේ අනාගත යහපැවැත්ම සුරක්ෂිත කරමින් පරිසරය ශක්තිමත් වන හා සමාජ සංවර්ධනයට තුඩු දෙන තිරසාර මූල්‍යකරණ මූලධර්ම අනුගමනය කරන, ව්‍යාපෘති සඳහා මෙම මූල්‍ය නිෂ්පාදන සහාය වනු ඇති බව බැංකුව පවසයි.

කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා මේ පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. “පරිසර හිතකාමී ඉදිකිරීම් සඳහා වන ඕනෑම ප්‍රයත්නයක බලපෑම මැන බැලීමට නම් ඒ සඳහා වෘත්තීය මාර්ගෝපදේශනය හා සහතික කිරීම් අත්‍යවශ්‍ය වනවා. ශ්‍රී ලංකාවේ මෙම ක්ෂේත්‍රය සඳහා සිටින ප්‍රමුඛතම අධිකාරිය හරිත ගොඩනැගිලි කවුන්සලය වන අතර අපගේ හරිත ණය වැඩසටහන් සඳහා ඔවුන් ලබා දෙන දායකත්වය අපගේ ගනුදෙනුකරුවන්ට සැලකිය යුතු අගයක් එකතු කරනු ඇති.”

ගොඩනැගිලි, ගොඩනැගිලි ද්‍රව්‍ය, යටිතල පහසුකම් සංවර්ධනය, නිවාස හා මහල් නිවාස, ප්‍රවාහන යටිතල පහසුකම් සහ තිරසාර නගර සඳහා සහතික නිකුත් කිරීම සඳහා හරිත ගොඩනැගිලි කවුන්සලය මගින් වැඩිදියුණු කර ප්‍රකාශයට පත් කරන ලද GREENSL  ශ්‍රේණිගත කිරීමේ පද්ධති, මෙම ගිවිසුම යටතේ කොමර්ෂල් බැංකුව විසින් පිළිගන්නා අතර කවුන්සලයේ GREENSL සහතිකය ලබා ගන්නා ඉදිකිරීම් හා සංවර්ධන ව්‍යාපෘතිවලට බැංකුව විසින් ලබා දෙන විශේෂ පොලී අනුපාත හා අනෙකුත් ප්‍රතිලාභ ඇතුලත් විශේෂයෙන් සැලසුම් කරන ලද මූල්‍ය නිෂ්පාදන සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබාදෙන බවට බැංකුව එකඟ වී ඇත.

595



අදහස් (0)

කොමර්ෂල් බැංකුව සහ හරිත ගොඩනැගිලි කවුන්සලය ගිවිසුමක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site