කොමර්ෂල් බැංකුව විසින් දිවයිනේ ආහාරපාන අංශයේ ක්‍ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් 110ක් සඳහා, අපනයන වෙළෙඳපොළට පිවිසීමට අදාළව තම ව්‍යාපාර දියුණු කිරීමට අවශ්‍ය දැනුමෙන් සන්නද්ධ කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා පවත්වන ලදී.
කුඩා හා මධ්‍ය පරිමාණ කෘෂිකාර්මික, කර්මාන්ත සහ අනෙකුත් අදාළ ව්‍යාපාරවල අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති, කොමර්ෂල් බැංකුවේ නම්‍යශීලී ‘දිරිබල සංවර්ධන ණය යෝජනා ක්‍රමය’ හා සබැඳි මෙම වැඩසටහන ‘දිරිබල අපනයනකරුවන්ගේ සංවර්ධන වැඩසටහන’ යනුවෙන් නම් කර ඇත. මෙම වැඩසටහන සඳහා සහභාගි වීමට අපනයනකරුවන් ලෙස සාර්ථක වීමට හැකියාව ඇති ව්‍යවසායකයන් බැංකුව විසින් හඳුනාගෙන ඇත. මෙම වැඩසටහන කොමර්ෂල් බැංකුවේ පවතින ගනුදෙනුකරුවන්ට පමණක් සීමා නොවූ අතර, සහභාගිවූවන්ගෙන් අඩක් කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් හඳුන්වා දෙන ලද පිරිස විය.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ප්‍රවර්ධනය කිරීම, අපනයනය දිරිගැන්වීම සහ දේශීය අපනයන අංශය සංවර්ධනය කිරීම සඳහා සැලැසුම් කර ඇති මුලපිරීම් මාලාවක ආරම්භය, මෙම වැඩසටහන තුළින් නියෝජනය කරන බැව් බැංකුව ප්‍රකාශ කරයි.
ක්‍ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අපනයනය සඳහා සූදානම් කිරීම සහ අපනයන ඉලක්ක කරගත් ව්‍යවසායවල වටිනාකම් දාමයන් ශක්තිමත් කිරීම මෙම වැඩසටහනෙහි අරමුණ වෙයි. එසේම එම මුලපිරීම් මගින් රටට දැඩි අවශ්‍යතාවක් වන විදේශ විනිමය ඉපැයීම් වැඩිදියුණු කිරීමද අරමුණු කර ඇති බැව් බැංකුව අවධාරණය කරයි.
මෙම වැඩසටහන සඳහා සම්පත් දායකයන් වූයේ, කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB), අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික නිරෝධායන සේවාව සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) යන ආයතනයි.
595
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කොමර්ෂල් බැංකුවෙන් අපනයන ව්‍යවසායකයන්ට වැඩසටහනක්
CHANDIKA JAYASINGHE. Sunday, 11 June 2023 08:57 AM
මම කැමැතියි වැඩක් පටන් ගන්න... මම කර්මාන්ත අංශයේ සේවය කරන්නේ අවුරුදු 30ක් තිස්සේ. නමුත් මම දන්නේ නැහැ මොන වර්ගයේ ආහාරද ශ්‍රී ලංකාවේදී තෝරාගත යුත්තේ කියලා...