IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


කැබිනට්-රාජ්‍ය ඇමතිවරුන්ගේ අමාත්‍යංශවල මත ගැටුම්

(අජන්ත කුමාර අගලකඩ)

කැබිනට් ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් සිටින ඇතැම් අමාත්‍යංශවල කටයුතු සම්බන්ධයෙන්  ඔවුන් අතර මත ගැටුම් නිර්මාණය වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම  අමාත්‍යාංශවල කැබිනට් ඇමතිවරුන්  සහ රාජ්‍ය ඇමතිවරුන් අතර ද, ඇමතිවරුන් හා රාජ්‍ය අමාත්‍යාංශ  ලේකම්වරුන් අතරද මෙම මත ගැටුම් ඇතිව තිබෙන බව ද  එම ආරංචිමාර්ග වලින් පැවසේ .

ඇමතිවරුන් ගණනාවක් ම ඉකුත්දා පැවැති කැබිනට් රැස්වීමේදීද  මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ද පැමිණිලි කර  ඇතැයි දැනගන්නට ඇත.

වනජීවී ඇමති සී බී රත්නායක මහතා එහිදී  ජනාධිපතිවරයාට පවසා ඇත්තේ, තම නිලධාරින්ට රාජ්‍ය  අමාත්‍යාංශයේ ලේකම්වරයා හමුවීමට පවා නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවය.

තමාට දී ඇත්තේ හෙණ්ඩුව පමනක් බවත් ,අලියකු නොමැති බවත්, සී බී රත්නායක ඇමතිවරයා එහිදී ප්‍රකාශකර ඇතැයි ද සදහන් වේ.

මේ සම්බන්ධයෙන් තවත් ඇමැතිවරුන් කිහිපදෙනකු  ද අදහස් දක්වා ඇතැයි  වාර්තා වේ.

එහිදී අදහස් දක්වා ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍යාංශ වල කටයුතු පහසු කර ගැනීම සදහා රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂය පථයන් ගැසට් කර ඇතත් ,අමාත්‍යංශ වල  වගකීම ව්‍යවස්ථානුකූලව ඇත්තේ කැබිනට් අමාත්‍යවරුන්ට බව සඳහන් කර ඇත.

රාජ්‍ය   අමාත්‍යවරුන්ට විෂයපථයන් ගැසට් මගින් වෙන් කර දුන්නේ කටයුතු පහසු කර ගැනීමට පමණක් බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත .

තමා මේ බව රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් කැඳවා ළඟදීම  දැනුවත් කරන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇතැයි දැනගන්නට ඇත .



අදහස් (1)

කැබිනට්-රාජ්‍ය ඇමතිවරුන්ගේ අමාත්‍යංශවල මත ගැටුම්

BRAMPI SINGNO. Saturday, 19 February 2022 02:39 PM

ඇමැතිතුමා, දෙන්න ඕනෑ නම් උදෙන්ම යන්න...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site