(සුජිත් හේවාජුලිගේ )
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට බාර දීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර ඇත.
මෙම විශ්වාසභංග යෝජනාව සදුදා බාරදීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා අතර ඇතැයි පැවසෙන සබඳතා( ළබැදියාවන් අතර ගැටුම)
හේතුවෙන් ඔහු එම කමිටුවේ මුල් පුටුවේ තබා ගෙන ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කතාබස් කිරීම ඵලදායි කරුණක් නොවන බව විපක්ෂයේ මන්ත්‍රීවරු දිගින් දිගටම පෙන්වා දෙති.
රංජිත් බණ්ඩාර මහතාගේ මූලිකත්වය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා විමර්ශනය කිරීමට තමන් කිසිසේත් එකඟ නොවන බවද එම විපක්ෂයේ මන්ත්‍රීවරු සඳහන් කරති.
මේ සම්බන්ධයෙන් අප කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවයි.
ඔහු සිය පුත්‍රයා කෝප් කමිටුව හමුවට කැඳවා ගෙන ඒම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගන්නා බවද කතානායකවරයා කීවේය.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු සෙවීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ගේ ප්‍රධානත්වයෙන් යුතු පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන ලෙසට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.
කෝප් කමිටුවේ රැස්වීම් දින නියමයක් නොමැතිව නතර කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ තීරණය කළේය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කෝප් සභාපතිට එරෙහිව සජබෙන් විශ්වාසභංගයක්
Bamunuarachchi Saturday, 18 November 2023 05:54 PM
විශ්වාස භංග හරියන්නේ නැත... කෝප් කමිටුව boycott කරන්න... වර්ජනය කරන්න. අපි හිතුවා මහාචාර්ය කිව්වාම වැදගත් කෙනෙක් කියලා.