IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


කෝප්, කෝපා පත්කිරීම් ගැන පොහොට්ටු ලේකම්ගෙන් විරෝධයක්

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කෝප් සහ  කෝපා  කමිටු සභාපති තනතුරුවලට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පිටින්  මන්ත්‍රීවරුන් පත් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී  දැඩි විරෝධය පළ කර ඇත.

එම කමිටු පිහිටුවීමටත් කලින් ඒවායේ සභාපති තනතුරු සඳහා සමගි ජන බලවේගය පක්ෂය එම පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ නම් යෝජනා කර ඇතැයිද පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව එසේ කටයුතු කිරීමේ හැකියාවක් නැතැයිද  ඔහු මෙහිදී පෙන්වාදී  ඇත.

මුලින්ම එම කමිටු පිහිටුවා ඉන් අනතුරුව එහි සාමාජික මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්තෙන් සභාපතිවරයා තෝරා පත්කර ගතයුතු වන බව පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල පැහැදිලිවම දැක්වෙන්නේ යැයි ප්‍රකාශ කර ඇති  කාරියවසම් මහතා එක් එක් අයට ඕන විදියට  සභාපති තනතුරුවලට  මන්ත්‍රීවරුන් පත් කළ නොහැකි බවද සඳහන් කර ඇත.

මේ අවස්ථාවේදී කරුණු ඉදිරිපත් කර ඇති විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කර ඇත්තේ එම කමිටු දෙකේ සභාපති තනතුරු විපක්ෂයට ලබාදීමට කතානායක වරයා මෙයට පෙර පැවැති පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමකදී  එකඟ වූ බවයි.

එම රැස්වීමේ සටහන් ඇති හෙයින් එදින ගත් තීරණය අනුව කටයුතු කරන ලෙස තමා කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

කෝප් සහ  කෝපා  කමිටු  සභාපති තනතුරුවල  මෙයට පෙර කටයුතු කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකි.

කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස මහාචාර්ය  චරිත හේරත් මහතාත් කෝපා කමිටුවේ  සභාපතිවරයා ලෙස මහාචාර්ය තිස්ස විතාරණ මහතාත් එලෙස  කටයුතු කළහ.

නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය වාර අවසාන කිරීමත් සමඟ කෝප් සහ කෝපා  ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවක් අහෝසිවී  ගියේය.



අදහස් (5)

කෝප්, කෝපා පත්කිරීම් ගැන පොහොට්ටු ලේකම්ගෙන් විරෝධයක්

Hafeel Wednesday, 24 August 2022 02:20 PM

එහෙමනම්, පොහොට්ටුවට ජනතාවගෙන් ප්‍රතික්ෂේප කරපු සහ කිසිම ජනවරමක් නැති රනිල්ව ජනාධිපති කරන්න පුළුවන් නම්, මේවා මොන කජ්ජක්ද?

:       2       32

Surain Wednesday, 24 August 2022 02:35 PM

මේ අය පවත්වන්නේ මහජන සංදර්ශනයි. දෙපැත්තම කතාවෙලා ජනතාව ඇන්දවීම තව කොපමණ දවසක් කළ හැකිද?

:       1       21

nika Wednesday, 24 August 2022 03:04 PM

ලේකම් මහත්තයෝ හිතන්න එපා ඔයා රටේ ජනාධාපති කියලා. රාජපක්ෂලාට ගොටු අල්ලන්න එපා. රට ගැන බැලුවා නම් හොඳයි..!

:       2       23

චන්දන Wednesday, 24 August 2022 03:44 PM

ඉක්මණින් ඡන්දෙ තියෙන එක හොඳයි කියලා හිතන්නේ.. මේ වගෙ අය යවන්න පුළුවන්නේ...

:       1       23

Sunil Thursday, 25 August 2022 05:25 AM

බල්ලා පිඳුරු කන්නෙත් නැහැ ( ඌට කන්න හැකියාවකුත් නැහැ) කන ගොනාට දෙන්නෙත් නැහැ. වසර 2 1/2 මුළුල්ලේ රටට කල විනාශය හොඳට ඇති. දැන් තොලොංචි වෙයල්ලා නැත්නම් ජනතාව ඔබ ගැන බලා ගනීවි

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site