IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


කෝප් කෝපා කමිටුවලට දඩුවම් කිරීමේ බලය ?

 (සුජිත් හේවාජුලිගේ)

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් කමිටුව) සහ  රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝපා කමිටුව) වැනි පාර්ලිමේන්තුවේ වැදගත් විමර්ශන ආයතනවලට  දූෂණ වංචා චෝදනාවලට  ලක් වූවන්ට එරෙහිව නීතිපතිවරයා හා සම්බන්ධවී සෘජුවම   නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට  බලය ලැබෙන  නීති ප්‍රතිසංස්කරණ වහා  ඇති කරන්නැයි  මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.

අදාළ පනත් කෙටුම්පත්   හෝ ස්ථාවර නියෝග සංශෝධනය කිරීමෙන්   එවැනි බලය  ලබාදීමක් කළ හැකි බවද ඔහු ලංකාදීපයට සඳහන් කළේය පවතින නීතිය අනුව පාර්ලිමේන්තු  කමිටුවලට අද කළ හැක්කේ නිර්දේශ ඉදිරිපත් කිරීම පමණක් බවද මහානාම හේවා මහතා පැවසීය.

කෝප්  කෝපා  කමිටු රැස්වීම්වලට නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයකු සම්බන්ධ  කරවීමට කටයුතු කිරීමද  ඉතා වැදගත් අවශ්‍යතාවක්  බව පැවසූ මහාචාර්යවරයා එමගින් එම දෙපාර්තමේන්තුවට රාජ්‍ය ආයතන වල දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් යම් නිශ්චිත අදහසක්  ගැනීමට  මෙන්ම ඒ පිළිබඳව  කරැණු වාර්තා කිරීමට හැකියාව ලැබෙන   බවද සඳහන් කළේය.

ස්ථාවර නියෝග වෙනස් කිරීමෙන් එවැන්නක් පැහැදිලිවම  කළ හැකි බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවටද නිර්දේශ  ඉදිරිපත් කිරීමෙන් එහාට ගිය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ බලතල  ලබාදීම වැදගත් බව ඔහු පෙන්වා දුන්නේය.

භාෂා අයිතිය කඩ කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට  1991 රාජ්‍ය භාෂා කොමිෂන් සභා පනතෙන් රාජ්‍ය  භාෂා කොමිෂන් සභාවට බලය ලැබී ඇති පරිදි  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවටද     එවැනි නීතිමය බලයක් ලබාදීම වැදගත් බව ඔහු අවධාරණය කළේය.

දූෂණ වංචා සහ අක්‍රමිකතා වැළැක්වීමට  අවංක උත්සාහයක් පවතී  මෙවැනි ප්‍රතිසංස්කරණ නොපමාව ක්‍රියාත්මක කළ යුතු බවද මහාචාර්යවරයා සඳහන් කළේය.

 

 



අදහස් (3)

කෝප් කෝපා කමිටුවලට දඩුවම් කිරීමේ බලය ?

Ariyathilaka Sunday, 20 July 2025 02:52 PM

මෙම අදහස සාර්ථක වන්නේ නැත. අධිකරණ බලය දීම, දණඩණ බලය දීම පැටලිලි සහිතයි. ජනමත විචාරණයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් නීතිය පැනවිය හැකි වුවද අධිකරණ කාර්ය නිසිලෙස් ඉටුකර ගැනීම හා අධිකරණ කටයුත්තකදී තිබිය යුතු බැරෑරුම් බව හා සාර්ථක භාවය සපුරාලිය හැකි ද යන්න උගහට ය.

:       2       2

Perakum Liyanagama Sunday, 20 July 2025 02:53 PM

හොරු අල්ලන බව කියාගෙන ආපු ආණ්ඩුවට යමක් කමක් කියාදෙන්න මේ වගේ උදවිය පුළුවන්නම් ඇමැති මණ්ඩලයට ගත්තොත් නරකද?

:       3       4

යෝගා Monday, 21 July 2025 11:36 AM

අශ්වයන්ට අං දෙන්න කියලද කියන්නේ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 433 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2199 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1659 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site