IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


කැපූ අත්තට යටවී ගුරුවරයා මරුට

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක සහ රංජිත් රාජපක්ෂ)

තලවාකැලේ - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, මල්ලිඅප්පුව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය පසෙක තිබූ විශාල නුග ගසක කපමින් තිබූ අත්තක් මාර්ගයේ ධාවනය කරමින් තිබූ යතුරුපැදියක් මතට කඩා වැටීමෙන්  පාසල් ගුරුවරයකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ලෝගි වත්තේ පදිංචිව සිටි වේළුසාමි මහේෂ්වරන් (40) නැමති දෙදරු පියෙකි. මියගිය අය තලවාකැලේ දෙමළ මහා විද්‍යාලයේ ගුරුවරයකු ලෙස සේවය කරන අයකු බව පොලීසිය කියයි.

නුග ගසේ අත්ත වැටෙන අවස්ථාවේ මාර්ගයේ ධාවනය කරමින් තිබූ ත්‍රීවීල් රථයකට ද හානි සිදුව ඇති බවත්, ත්‍රීවිල් රථයේ ගමන් කළ අයට අනතුරක් සිදුව නොමැති බවත් පොලීසිය පවසයි.

නුග ගසේ අත්ත කඩා වැටීමෙන් මාර්ගය දෙපස තිබූ විදුලි හා දුරකතන රැහැන් කණු දෙකක්ද කඩා වැටී තිබේ. නුග ගසේ අත්ත කඩා වැටීමෙන් මාර්ගය පසෙක තිබූ හින්දු කෝවිලකටද හානි සිදුව ඇත.

 

 



අදහස් (0)

කැපූ අත්තට යටවී ගුරුවරයා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 350 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site