(ඉන්දිකා රාමනායක)
ලාම්පුවක් දල්වා පාඩම් කරමින් සිටි 16 හැවිරිදි සිසුවියක් ලාම්පුව පෙරළී පිලිස්සුම් තුවාල ලබා මියගොස් ඇතැයි කන්කසන්තුරේ පොලීසිය කියයි.
කන්කසන්තුරේ ඉලවාලි ප්‍රදේශයේ සිසුවියක් මෙලෙස මිය ගොස් තිබේ .
විදුලිය විසන්ධි වූ අවස්ථාවේ දී ඊයේ (2) රාත්‍රියේ මෙම සිසුවිය ලාම්පුව දල්වාගෙන සිය කාමරයේ දොර වසාගෙන පාඩම් කරමින් සිටියදී එය පෙරළී යාමෙන් මෙලෙස පිළිස්සුම් තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කරයි .
සිය පියා විසින් ගෙන එන ලද පෙට්‍රල් බෝතලයක් එම කාමරයේ තිබී ඇති අතර ලාම්පුව පෙරලීමෙන් ගින්න පෙට්‍රල් වලට ඇවිලී මෙම ගින්න පැතිර ගොස් ඇති බව පොලිසිය පවසයි.
සිසුවියගේ බාල සොහොයුරා ඇයට පාඩම් කිරීමට බාධා කිරීම හේතුවෙන් සිසුවිය නිවසේ දොර වසාගෙන පාඩම් කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.
ගින්න ඇති වීමත් සමගම කාමරයේ දොර වසා තිබීම හේතුවෙන් නිවැසියන් ට ක්ෂණිකව සිසුවිය බේරා ගැනීමට නොහැකි වී ඇති අතර .නිවැසියන් දොර කඩා සිසුවිය බේරා ගන්නා අවස්ථාවේ ඇය දැඩි ලෙස පිළිස්සුම් තුවාල ලබා සිටි බව පොලිසිය සඳහන් කරයි.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කුප්පි ලාම්පුව පෙරැලී සිසුවිය මරුට