IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කප්පමක් ගැනීමට ගිය දෙදෙනක් අත්අඩංගුවට

( ඩී.ජී.සුගතපාල සහ  සුමතිපාල දීයගහගේ )

බන්ධනාගාරයේ සිටින පාතාල නායකයෙකු බව පවසා විශ්‍රාමික හමුදා නිලධාරියෙකුගෙන් රුපියල් ලක්ෂයක කප්පමක් ගැනිමට තැත්කළ දෙදෙනෙකු මිටියාගොඩ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

විශ්‍රාමික හමුදා නිලධාරියාගේ නිවසේ දුර කතනයට කතාකල පුද්ගලයෙකු තමා දැනට ගාල්ල බන්ධනාගාරයේ සිටින  පාතාල නායකයෙකු බවත් රුපියල් ලක්ෂයක කප්පමක් අවශ්‍ය බවත් පවසා කප්පම සූදානම්කරගෙන දන්වන ලෙසට ජංගම දුරකතන අංකයකද ලබා දි ඇත.

පසුව හමුදා නිලධාරියා ඒ බව පොලිසියට දන්වා කප්පම් මුදල රැගෙන ඔවුන් කියන ලද විහාරස්ථානය අසලට ගිය අවස්ථාවේ රාත්‍රි හතයි විස්සට පමණ ත්‍රි රෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු කප්පම ගන්නා අවස්ථාවේදිම  ත්‍රි රෝද රථයේ රියදුරුද සමග අත් අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනො අවුරුදු 24 සහ2 5 වයස්හි පසුවන අතර ඔවුන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
 



අදහස් (0)

කප්පමක් ගැනීමට ගිය දෙදෙනක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site