
රයිෆලයක් අතැතිව ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලකට කඩා වැදුණු පුද්ගලයකු කළ වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 10 ක් බව පැවැසෙයි.
වෙඩි තැබීම කළේ 22 හැවිරිදි හැඩිදැඩි තරුණයෙකි. තරුණයා ජීවග‍්‍රහයෙන් අල්ලා ගැනීමට පොලිසිය සමත් විය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු දිගටම පැවැත්වෙන නමුත්, පොලිස්පති සෝරන් තොමැසන් මාධ්‍ය හමුවේ පැවැසුවේ එය ත‍්‍රස්ත ප‍්‍රහාරයක් බවය.
වෙඩි තැබීම කළ තරුණයා ඩෙන්මාර්ක ජාතිකයකු බවත්, ඔහු සුදු අන්තවාදියකු බවත් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි.

වෙඩි තැබීම සිදුවූයේ, ඩෙන්මාර්කයේ වේලාවෙන් සවස 5.30 ට පමණ කෝපන්හේගන් ගුවන්තොටුපොළ සහ සිටි සෙන්ටර් වෙළෙඳ මධ්‍යස්ථානය මැද පිහිටා ඇති ‘ෆීල්න්ඞ්’ නමැති සුපිරි වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලේය. ප‍්‍රහාරයට ලක්වීමෙන් මියගිය තිදෙනා පිරිමි පුද්ගලයන් බව ද පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
519
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2251
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1683
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෝපන්හේගන් නුවර වෙඩි තැබීමකින් 3 ක් මරුට
sharm warn Monday, 04 July 2022 10:40 AM
අයියෝ මල්ලි ඔය වැරැදි රටේ වැරැදි මිනිස්සුන්ටනේ වෙඩි තිබ්බේ. එන්නකෝ ලංකාවට. අපි දෙන්නම් ලැයිස්තුව... පස්සේ අපි ඔයාව ජාතික වීරයෙක් කරලා පිළිමෙකුත් හදන්නම්...
ganegodaMonday, 04 July 2022 11:57 AM
නියමයි..., ඩෙන්මාර්ක් අය යුරෝපා රටවල් එක්ක එකතුවෙලා ලාංකිකයින්ට කරන හතුරුකම් අපේ මිනිස්සු තාම හරියට දන්නේ නැහැ..
wijesena Monday, 04 July 2022 01:47 PM
ඔයා යුරෝප් වලද ඉන්නෙ? මේ වගේ අදහසක් දන්න?? දැනුවත් ව නම් මවුබිමට වඩා කරුනාවන්තයි... ලාංකිකයන් යුරොපා රටවල නීත්‍යානුකූලව සිටීනම් කරදරයක් නැහැ.
චන්දන Monday, 04 July 2022 11:41 AM
ඇමරිකාව ප්‍රමුඛ මේ රටවල් සංචාරක කටයුතු වලට සුදුසු නැහැ කියල කවුරුත් කියන්නේ නැත්තෙ ඇයි .
මැක්ස් Monday, 04 July 2022 04:11 PM
මේ ත්‍රස්ත ක්‍රියාව ලංකාවේ සිදු උනා නම් මෙහෙ ඇන්ජීඕ නඩේ විසින් "සිංහල බොදු ස්වෝත්තමවාදය" වගේ කතාවක් හදල එකට බැර කරනවා. ඊට පස්සේ ජවිපෙ, ටීඑන්ඒ, මුකො, සජබ, වගේ පක්ෂත්, රිෂාඩ්, ජෝසප් ස්ටාලින්, රවී කුමුදේශ්, තෙල් පාලිත, සමන් රත්නප්‍රිය වගේ ඒවායේ ගෝල බාලයෝ ටික ඒක අරගෙන රට දෙවනත් කරනවා.