IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


“කපුටු කාක්” නළාව ගැහුවැයි උසාවි ගෙනා නිතීඥවරයා නිදහස්

(නිමන්ති රණසිංහ)

“කපුටු කාක්” හඬින් සිය වාහනයේ නළාව නාදය කළැයි කොටුව පොලීසිය චෝදනා නැඟූ හම්බන්තොට නිතීඥ සංගමයේ නිතීඥවරයකු එම නඩුවෙන් මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. ප්‍රභාකරන් මහතා අද (14) නියෝග කළේය.

යමෙකු රථවාහන වරදක් ලෙස එවැනි වරදක් සිදුකළා නම් එම ස්ථානයේදීම ස්ථානීය දඩයක් නිම කිරීමේ හැකියාවක් පොලීසියට ඇති හෙයින් එසේ නොකර අධිකරණයට කරුණු කියමින් නීතිය අවභාවිත නොකරන ලෙසට මහේස්ත්‍රාත්වරයා කොටුව පොලීසියට අවවාද කරමින් එම නිතීඥවරයා මුදා හැරියේය.

අධිකරණයෙන් මෙලෙස මුදා හැරියේ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ නිතීඥ සංගමයේ සාමාජිකයකු වන නිතීඥ දුෂ්මන්ත වීරරත්න මහතාය.

අනවශ්‍ය ලෙස නළාව නාද කිරීමේ චෝදනාව මත කොටුව පොලීසිය අධිකරණයේ පෙනී සිටින ලෙසට නියම කරමින් මෙම නිතීඥවරයාට දැනුම් දී තිබුණේ ඉකුත් ජුලි මස 09 වැනිදා කොළඹ කොටුව ප්‍රදේශයේදීය.



අදහස් (0)

“කපුටු කාක්” නළාව ගැහුවැයි උසාවි ගෙනා නිතීඥවරයා නිදහස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site