IMG-LOGO

කැපිටල් TwinPeaks නිවාසවලට කොමර්ෂල් බැංකුවෙන් හරිත නිවාස ණය

 

ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලයේ (GBCSL) රන් සහතිකය හිමි  කරගත් කොළඹ පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතියක් වන Capitol TwinPeaks හි නිවාස ගැනුම්කරුවන් සඳහාම සකස් කරන ලද හරිත නිවාස ණය ලබා දෙන බව කොමර්ෂල් බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

මේ සඳහා බැංකුව සහ එම ව්‍යාපෘතිය හිමි Capitol Towers Ltd. ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. ඒ අනුව මෙම නිවාස ගැනුම්කරුවන්ට විශේෂ ප්‍රතිලාභ රැසක් ලබා දෙමින් තම නිවාස මිලදී ගැනීමට පහසුකම් සැපයීමට හා ඔවුන් පරිසර හිතකාමී බවට නැඹුරු වීමේ අවස්ථා වැඩි කිරීමට මෙම ආයතන දෙක ම කටයුතු කරයි.

මෙම සැලැස්ම යටතේ Capitol Towers Ltd.  මහල් නිවාස සඳහා සියයට 40 ක් දක්වා සහන මිල ගණන් ලබා දීමට කටයුතු කරනු ඇත. කොමර්ෂල් බැංකුව එකඟ වී ඇති පරිදි ණය මුදල සඳහා ප්‍රකාශිත ප්ලැටිනම් පොලී අනුපාතිකයට වඩා සියයට 1 ක් අඩු කිරීමත් සහ ලේඛන ගාස්තු සඳහා සියයට 50ක වට්ටමක් ද ලබා දෙනු ඇත. තවද බැංකුවේ හරිත නිවාස ණය යොජනා ක්‍රමය සමඟ ලියාපදිංචි වී ඇති තෝරාගත් සූර්ය බලශක්ති නිෂ්පාදන සැපයුම්කරුවන් පස් දෙනකුගෙන් ලබා ගන්නා සේවා සඳහා සියයට 10ක වට්ටමක් හිමිවේ.

මෙම විශේෂිත වූ ප්‍රතිලාභ ලබාගත හැක්කේ 2024 ජනවාරි 31 දක්වා පමණක් බව එම ආයතන සදහන් කරයි.

මෙම ණය මුදල් සඳහා වසර 15ක් දක්වා වූ කාල පරාසයක් තුළදී ආපසු ගෙවීමේ අවස්ථාව ලබා දෙයි. එසේම නඩත්තු කටයුතු සහ පරිසර හිතකාමීත්වය වැඩි කිරීමේ නව සංවර්ධන කටයුතු සඳහා ණය ගිවිසුම නැවත අලුත් කිරීමට ද හැකියාව පවතී.



අදහස් (0)

කැපිටල් TwinPeaks නිවාසවලට කොමර්ෂල් බැංකුවෙන් හරිත නිවාස ණය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 112 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 566 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 999 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site