IMG-LOGO

කපුටකු වීම ගැන ලැජ්ජා වෙනවා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ කපුටන් දෙසිය විසි පස්  දෙනාගෙන් එක් කපුටකුවීම ගැන තමා ලජ්ජා වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී  අද (5) පැවසීය.

මේ වෙලාවේ ඡන්දයකට ගියොත් 225ක් දෙනාටම හම්බ වෙන්නේ ඡන්ද නොව ගුටි යැයිද  ඔහු කීවේය.

ජනතාවට ඩීල් දේශපාලනය තිත්ත වී ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා   අද දේශපාලනය  මෙන්ම ව්‍යාපාර ලෝකයද ඩීල්වලින් පිරුණු එකක් බව ප්‍රකාශ කළේය.

රණසිංහ මහතා මෙසේ පැවසූවේ  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  සමග  පැවැත්වෙන සාකච්ඡාවේ ප්‍රගතිය සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු වාර්තාව පිළිබඳ විවාදයේදීය.

ව්‍යාපාරිකයන්  බොහෝ  දෙනකු කෝටිපතියන් වුණේ   රාජ්‍ය දේපළ කොල්ල කෑමෙන් යැයිද  ඔහු කීවේය.

ඒ ව්‍යාපාරිකයන්ගේ නම් පවා හෙළි කිරීමට සූදානම් බව පැවසූ රණසිංහ මහතා ඉන් සමහරුන් පාර්ලිමේන්තුවට රිංගා රට විනාශ කිරීමට උත්සහ දරන බව ද  කීවේය.

රට ඉල්ලන්නේ කුමක් දැයි ආණ්ඩුව වගේම විපක්ෂයද අවබෝධ කරගෙන නැතැයි ඔහු පැවසුවේය.

ආණ්ඩුව අසාර්ථක බව අද  පැහැදිලිව පෙනෙන්නේ යැයිද  කල් මැරීමෙන් සිදුවන්නේ රට ආගාධයට යෑම පමණක් යැයිද රොෂාන් රණසිංහ මහතා පැවසීය.

රටේ ප්‍රශ්නය විසඳිය හැකි අයෙකු සිටී නම් මන්ත්‍රී ධුරය පවා පරිත්‍යාග කිරීමට සූදානම් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (4)

කපුටකු වීම ගැන ලැජ්ජා වෙනවා

චන්දන Thursday, 05 May 2022 05:31 PM

කොන්ද පණ තිබෙනවා නම් පාර්ලිමේන්තුවෙන් අයින් වෙන්න...

:       0       19

thilak Thursday, 05 May 2022 06:03 PM

දැන්නම් තේරිලා වගේ...!

:       2       14

Kaputa Thursday, 05 May 2022 06:31 PM

කපුටා ළඟ ඉන්න හින්දා කපුටෙක් වගේ පේන්නේ...!

:       0       15

Bandula Friday, 06 May 2022 09:05 AM

කපුටකු වීම ගැන ලැජ්ජයි නම් දැන් කළයුතු හොඳම දේ මේ ජරා දේශපාලනයෙන් ඉවත්වී තමන්ගේ ව්‍යාපාර බලාගෙන ජීවත්වීමයි. මෙම මඩ ගොහොරුවේ තවදුරටත් ලැග සිටීමෙන් ඔබටවත් ඔබගේ පවුලටවත් අනර්ථයක් මිස හොඳක් සිදුවන්නේ නැත. ප්‍රමාද නොවී හරි තීරණය ගන්න.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 170 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 662 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1063 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site