(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොල්දූව මංසන්ධියේ ඉකුත් 13 වෙනි දින පැවති විරෝධතාව අතරතුර දී මහජන සාමය කළමණාකරන කොට්ඨාසයේ නිලධාරීන් ත්‍රීරෝද රථයකින් රැගෙන එමින් සිටි කඳුළුගෑස් උන්ඩ සොරා ගත් පුද්ගලයකු ඇතුල්කෝට්ටේ අලකේශ්වර මාවත නිවසක දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය
එම සැකකරු සන්තකයේ තිබී කඳුළුගෑස් වායු උණ්ඩ පහක් සොයා ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය
බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් එම සැකකරු 26 හැවිරිදි පුද්ගලයකු වන අතර වැඩිදුර විමර්ශන සඳහා කඳුළු වායු පේන්ඩ සමඟ වැලිකඩ පොලිසිය වෙත භාරදී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
කඳුළු ගෑස් පැහැරගත් තවත් අයෙක් උණ්ඩ පහක් සමග මාට්ටු
sharm warn Wednesday, 27 July 2022 09:19 AM
දැන් පොලිසිය පත් කරල තියෙන්නෙ කල් පැනපු කදුලු ගෑස් උන්ඩ පරිස්සම් කරන්නද? මෙහෙමත් කලකන්නි පොලිසියක්.. ඇත්තටම මෙ රටෙ ඉන්නෙ හරක් ද?
DILUM Wednesday, 27 July 2022 10:02 AM
හැබැයි තවම බැරි වුණා ගාලුමුවදොරට ගහපු අය අල්ලගන්න. වීඩියෝ සාක්ෂිත් තියෙද්දී.
sharm warnWednesday, 27 July 2022 11:14 AM
අපො මොන පිස්සුද.. අල්ලනව තියා හිතන්නෙ වත් නැහැ.. මොකද වල් කන්ට්‍රි වල් ලො නෙ.. නිතිය අදාල වෙන්නෙ දුක් විද විද බදු ගෙවන අපිට.. එ බදු මුදල් වලින් සුර සප විදින ගමන් එ සල්ලි මහ දවල් මන්කොල්ල කන උන්ට එ නීති බල පන්නෙ නැහ.. අර ජනදිපති යටතෙ තිබිච්ච වාහන 40ක් අතුරුදහන් ලු.. හැබයි හොයන්නෙ අර රජ ගෙදර තිබිච්ච වැඩක් නැති සිහිවටන. . රට දියුනු වෙයි නිකම් කෆිර් එකෙන් යනව වගෙ..
Sharowana Wednesday, 27 July 2022 10:49 AM
එතකොට කෝ අර ජනාධිපති මන්දිරයේ අල්ලපු මුදල් තොගය?