(නිමන්ති රණසිංහ)
පාර්ලිමේන්තුව ඉදිරිපිට පොල්දූව මංසන්ධියේ ඉකුත් 13 දා පැවති උද්ඝෝෂණය අතරතුරදී පොලිස් ත්‍රිරෝද රථයකට පහර දී එහි තිබූ කඳුළු ගෑස් උණ්ඩ හා කඳුළු ගෑස් අත් බෝම්බ පැහැර ගත්තැයි වැලිකඩ පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවකු හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ලබන 8 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා අද (03) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අනෙක් සැකකරුවන් දෙදෙනා ද එදිනට හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට නියම කළේය .
අධිකරණය මගින් එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ රාජගිරිය හා පොළොන්නරුව යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් තිදෙනෙකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද පළමු සැකකරු සන්තකයේ තිබී කඳුළු ගෑස් උන්ඩ 55 ද දෙවන සැකකරු සන්තකයේ තිබී කඳුළු ගෑස් උණ්ඩයක් ද තුන්වෙනි සැකකරු සන්තකයේ තිබී කඳුළු ගෑස් උණ්ඩ දෙකක් ද සොයා ගත් බව වැලිකඩ පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේ ය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන තෙක් ලබන 8 අට වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
552
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කඳුළු ගෑස් උණ්ඩ පැහැරගත් සැකකරු හඳුනාගැනීමේ පෙරැට්ටුවකට