(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
කඳපොළ, පාර්ක් වතුයායේ, එස්කඩේල් පෞද්ගලික තේ වතුයායේ පිහිටි තෙමහල් තේ කර්මාන්ත ශාලාවක අද (18) දා අළුයම හට ගත් හදිසි ගින්නක් හේතුවෙන් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති බව කඳපොළ පොලීසිය පවසයි.
කඳපොළ පොලීසියේ නිලධාරීන් ප්‍රදේශවාසීන් හා නුවරඑළිය මහ නඟර සභාවේ ගිනි නිවන ඒකකය සමග එක්ව ගින්න නිවා දැමීමට පියවර ගත් බව කඳපොළ පොලීසියේ උසස් නිලධාරියෙනක් පැවසීය.
මෙහිදී කිසිදු ජීවිත හානියක් සිදුව නොමැත. ගින්නෙන් විනාශයට පත් දේපළ පිළිබඳව තක්සේරු කර නොමැති බවත්, ගින්නට හේතුව පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් කඳපොළ පොලීසිය වැඩිදුරටත් පැවසීය.


2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
837
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කඳපොළ තේ කම්හලක් ගිනිබත් වෙයි
මොට්ටපාල Saturday, 18 March 2023 01:40 PM
ඔහොම නිෂ්පාදන කම්හල්වල නිෂ්පාදිත හොරකම් කිරීමක් වුණොත් ඔහොම දේවල් අනිවාර්යයෙන් වෙනවා. ඒ නිසා ඒවා ගැන විමර්ශනය කළොත් රක්ෂණ ආයතන වලට හොඳයි..
සමන් - ඕමානය Saturday, 18 March 2023 04:13 PM
හත්දෙයියනේ, ජෙප්පන් ආයේ වැඩ පටන්ගත්තා වත්ද? 88 - 89 වගේ? අපේ කඳ නැති ඔළුගෙඩි ආයේ තුන්මන් හන්දිවල තියෙයිද?
කිරිගේSaturday, 18 March 2023 07:43 PM
මටත් එහෙම හිතුනා කම්හල් වල සේවකයින් රවටාගැනීමට බැරි වුනාම කම්හල් විනාශය කරනවාද කියලා හිතෙනවා 1971 කාලයේදීත් ධනපතියන්ගේ ඒවා විනාශ කරන්න ඕන කියලා තේ කම්හල් විනාශ කලා එහෙම එකක් තමයි හුලං කන්දේ මොරිස්ටන් තේ කම්හල.