IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


කන්කසන්තුරේ වරාය සංවර්ධනයට ඉන්දියාවෙන් ඩොලර්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පාලනය වන කන්කසන්තුරේ වරායේ පූර්ණ සංවර්ධන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 61.5 ක් හෙවත් ඩොලර් ලක්‍ෂ 615 ක් ප්‍රදානය කිරීමට ඉන්දියානු රජය තීරණය කර ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පැවසීය.

එම ප්‍රදානය උපයෝගී කරගනිමින් කඩිනමින් කන්කසන්තුර වරායේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

මහකොමසාරිස්වරයා සහ වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර වරාය අමාත්‍යංශයේදී  පැවති සාකච්ඡාවකදී මහ කොමසාරිස්වරයා එය දැනුම් දී තිබේ.  

මෙම සංවර්ධන වැඩ පිළිවෙල යටතේ වරාය තුළට විශාල නැව් සහ යාත්‍රා ඇතුලු කිරීමට මීටර 30ක් පමණ වරාය පතුළ ගැඹුරු කිරීමට සහ නව දිය කඩනයක් ඉදිකිරීමට සැළසුම් කර ඇති බවත් ඉන්දියාව සහ ශ්‍රී  ලංකාව අතර කලාපීය සහයෝගිතාවය පුළුල් කර ගැනීම මෙන්ම වැඩි සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ඉන්දියාවේ පූර්ණ සහයෝගය දීම මෙහි අරමුණ බවත් මහකොමසාරිස්වරයා පැවසූ බවත් එම අමාත්‍යංශය කීය.  



අදහස් (5)

කන්කසන්තුරේ වරාය සංවර්ධනයට ඉන්දියාවෙන් ඩොලර්

Hafeel Tuesday, 19 March 2024 05:40 PM

අන්න මුහුණේ තියන සිනාව. කොමිස්... කොමිස්...

:       1       0

චන්දන Tuesday, 19 March 2024 06:58 PM

උතුරේ සෑම වැඩකටම ඉන්දියාව අත ගහල ඉවරයි. දැන් උතුර යනු ඉන්දියාවේම කොටසක්. මේ පාවාදීම ආපස්සට හරවන්න බැරි වෙයි.

:       1       0

swene Wednesday, 20 March 2024 05:53 AM

අපේ එක්කෙනා දැනුම් දුන්නේ මොනවාද ?

:       0       0

සරත් කුමාර Wednesday, 20 March 2024 10:33 AM

නිකමට හිතමු. අපේ අල්ලපු ගෙදර කෙනාට ඕනේ එයාගේ ආරක්ෂාවට අඩි 2ක බැම්මක් බඳින්න. එයා වැඩේ කළොත් එයාගේ සීමාවෙන් අඩි දෙකක් යනවා. හැබැයි අපි ඒක බැන්දොත් අපේ සීමාවෙන් ඒ ප්‍රමාණේ යනවා. අල්ලපු ගෙදර කෙනාගේ වුවමනාවත් ඉටුවෙනවා. ඉතින් මොකක් හරි ආලවට්ටමක් දාලා, අල්ලපු ගෙදර කෙනා අපිට සල්ලිත් දීලා, ඉතුරු තියාගන්න කියලා අපි ලව්වා වැඩේ කරවනවා. අපි උඩ පැනලා වැඩේ කරලා, ඉතුරුවා සාක්කුවේ දාගන්නවා. රටේ බොහෝමයක් වැඩ වෙන්නේත් එහෙමයි. අපිට ආධාර, උපකාර කරන්න එන අය අවුරුදු 100ක් ඉස්සරහ ගැන හිතලා අපිට උදව් කරන්නේ. හැබැයි අපේ පාලකයෝ දකින්නේ වැඩිම වුනොත් අවුරුදු 5ක් හෝ ඊටත් අඩුවෙන්. ඉතිං අපිට හෙටක් තියෙයිද..?

:       0       0

sam Wednesday, 20 March 2024 12:37 PM

ඔන්න ඕකත් විකුණලා දාමු. හා හා සර්ගේ කල්ල මරේ. බුදු අම්මෝ චෙක් එකද කොහේද දැකලා සිරිගේ මුහුණේ හිනාව... හරි හරි හොඳ ගාණක් යටිමඩි ගහගන්න පුළුවන්. දෙන දෙවියෝ ගෙදරටම ගෙනැල්ලා දෙනකොට එපා කියන්න යැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අනුර කුමාරට ස්වීඩනයේදී උණුසුම් පිළිගැනීමක්
2024 අප්‍රේල් මස 27 221 0

ස්වීඩනයේ සංචාරයක නිරත වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ටොක්හෝම්හිදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ උණුසුම් අයුරින් පිළිගත්හ.


මහරගමිනුත් කුඩු හමුවේ
2024 අප්‍රේල් මස 27 199 0

රුපියල් කෝටි දාසයක් වටිනා හෙරොයින් කිලෝ හතක් සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.


ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගුවන් යානයක්
2024 අප්‍රේල් මස 27 1019 0

ශ්‍රී ලංකාවෙි සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයත් පරිත්‍යාග කිරීමට ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආස


’’රනිල්ට ඉඩ දෙමු’’
2024 අප්‍රේල් මස 27 1640 9

’’රනිල්ට ඉඩ දෙමු,රට වටා යතුරු පැදි රැළිය’’ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද(27) පෙරවරුවේ ඇරැඹිණි.


ඇමරිකා නැවකට ’’වැටෙන් එහා’’ සිට කන්න දෙයි
2024 අප්‍රේල් මස 27 1920 0

ඇමරිකා විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය තීරණය කර තිබේ.


බෝමිරියෙන් හමු වූ කුඩු ගැන තවත් තොරතුරු
2024 අප්‍රේල් මස 27 184 0

කඩුවෙලා බෝමිය ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් තිහක් සමගින් එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව බියගම පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 353 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1739 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1575 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site