IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොන්දොස්තර හොරකමේ ගිහින් මාට්ටු

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

ත්‍රීරෝද රථයක යමින් කොළඹ අවට සුපිරි වෙළඳසැල්වල විදුලි ජනන යන්ත්‍රය වල සවිකර තිබූ බැටරි සොරා ගැනීමට පුරුදුව සිටි පෞද්ගලික බස්රථ කොන්දොස්තරවරයකු  අද  (17) දා අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි .

ඒ සමග සෝරාගත් බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ හයකට ආසන්න බැටරි 10 සොරකම සඳහා භාවිතා කළ ත්‍රීරෝද රථය පොලිස් භාරයට ගෙන තිබේ.

කොළඹ අවට සුපිරි වෙළඳසැල් වල විදුලි ජනන යන්ත්‍ර වල සවිකර තිබූ  බැටරි සොරා ගැනීමේ ජාවාරමක් පිළිබඳව  පොලිස් ස්ථාන කිහිපයකට පැමිණිලි ලැබී තිබූ අතර ඒ පිළිබඳව අදාළ පොලිස් ස්ථාන හරහා විමර්ශන  සිදු කරමින් සිටියදී කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හසන්ත මාරපන මහතාගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් තවත් විමර්ශනයක් ආරම්භ කෙරිණි.

ඒ අනුව  සොරකම් සිදු වූ ස්ථානවල ආරක්ෂිත කැමරා  පරික්ෂා කොට ඉන් අනාවරණය කරගත් තොරතුරකට අනුව   මාදිවෙල ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී එහි තිබී සොරාගත් බවට සැක කෙරන ඇම්පියර් 120 බැටරි 06 සහ සොරකම සඳහා භාවිතා කළ ත්‍රීරෝද රථය පොලිස් භාරයට ගෙන තිබේ

පසුව සැකකරුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී  සොරාගත් බවට සැකකෙරන තවත්  බැටරි 4  සැකකරුගේ මිතුරෙකුගේ  ගරාජයක තිබී සොයා ගත් බව පොලිසිය පවසයි.

ඒ අතර ඇම්පියර් 120 බැටරි 08  ද ඇම්පියර් 90 බැටරි 02 ද , වූ බවත් ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ හයකට ආසන්න බවත් පැවසේ .

සැකකරු මොරටුව පිටකොටුව  මාර්ගයේ පෞද්ගලික  බස් රථ වල කොන්දොස්තරවරයෙකු ලෙස  සේවය කරන අතර කොල්ලුපිටිය , කොහුවල , බම්බලපිටිය , මීගමුව සහ මහබාගේ පොලිස් වසම් වලින් මෙසේ බැටරි සොරාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ .



අදහස් (0)

කොන්දොස්තර හොරකමේ ගිහින් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site